Ads 468x60px

.

සුදර්මන් රදලියගොඩ නිදැල්ලේ සිටි කාලය ඉවරයි

වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග....

මාධ්‍යවේදී සුදර්මන් රදලියගොඩ මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද පොලීසියට නියෝග කළා. 


ටෙලිකොම් ආයතනයේ යකඩ හා වානේ තොගයක් වංචනික ලෙස ලබා ගැනීම සදහා ව්‍යාජ ලේඛන සකස් කළ බවට චෝදනා කරමින් රදලියගොඩ මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුව අද කැඳවූ අවස්ථාවේ අදාළ නියෝගය කෙරුණා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබුණා.
 
එහෙත් මේ දක්වා ඔහු අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ. පොලීසිය අධිකරණය හමුවේ අද කියා සිටියේ සුදර්මන් රදලියගොඩ මහතා මුලින් සිටි නිවසෙන් මේ වන විට අතුරුදන් වී ඇති බවයි. එත් සැකකරු ප‍්‍රසිද්ධියේ රූපවාහිනී නාලිකාවක පෙනී සිටින බවත්, වෙනත් ප‍්‍රසිද්ධි ස්ථානවලත් ගැවසෙන බවත් පැමිණිල්ලේ නීතිඥයා අධිකරණයට පෙන්වා දුන්නා.

ඔහු කියා සිටියේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය උදව් කිරීමට පැමිණිලිකරුවන් දෙදෙනාද සූදානමින් සිටින බවයි. කරුණු සලකා බැලූ මහේස්ත‍්‍රාත්වරිය පැමිණිලිකරුවන්ගේද සහය ඇතිව සැලසුමක් සකස් කර රදලියගොඩ මහතා අත්අඩංගුවට ගැනීමට කි‍්‍රයා කරන ලෙස පොලීසියට නියෝග කළා.

සුදර්මන් රඳලියගොඩ මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කුරුණෑගල දිස්ත‍්‍රික් ආසන සංවිධායකවරයා ද වනවා. එම නිසා පක්‍ෂයේ මහලේකම් අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් මේ පිලිබඳ විමසීමක් කල අවස්ථාවේ අමාත්‍ය වරයා ප‍්‍රකාශ කළේ තමන් ඒ පිළිබඳ කිසිවක් නොදන්නා බවයි.



කෙසේවෙතත් සුදර්මන් රදලියගොඩ මහතා පසුගියදා මැයි දින පෙළපාලියේ ඉදිරිපසින්ම ගමන් කල අතරමැයි දිනය හේතුවෙන්  මග දෙපස විශාල පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබුනා .
 
Related Posts with Thumbnails