Ads 468x60px

.

ඔය උත්සවේකට ගියාම අඩියක් ගහනවා මර්වින් කියයි


දෙකක් කඩන්න බෑ. එකක් කැඩෙනවා. ඒකත් හරිගස්සන්න මහන්සි ගන්නවා...

මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වේයන්ගොඩ, කදමළුවාව, කුඹුරාගොඩ විහාරස්ථානයේ අභිනව බුදුමැදුරේ ඉදිකිරීම් සඳහා ඊයේ මුල්ගල් තිබිණ.


මුල්ගල තැබීමේ උත්සවයෙන් අනතුරුව අමාත්‍යවරයා මෙසේ අදහස් පළ කළේය.

ප්‍රාණඝාත අකුසල් කරන්න එපා. අනුන්ගේ දේ හොරකම් කරන්න එපා. බොරු කියන්න එපා. කාමය වරදවා හැසිරෙන්න එපා. මත්පැන් බොන්න එපා. මේ පහ රකින්න මට බොරු පච කෙලින්න  බැහැ. මට එකක් කැඩෙනවා. හිටියම ඔය උත්සවේකට ගියාම අඩියක් ගහන්න කියනවා. දැන් මේ මාසේ නම් ඒ මොනවත් නෑ.

හාමුදුරුවනේ මස් මාළු කන්නෙත් නැහැ. අන්තිම ශික්ෂාපදේ කැඩෙනවා. බොරු කියලා ඒක මං කරනවයි කිව්වොත් ශික්ෂා පද දෙකක් ඇරෙනවා. සුරාමේරයත් කැඩුවා. මුසාවාදයත් කැඩුවා. දෙකක් කඩන්න බෑ. එකක් කැඩෙනවා. ඒකත් හරිගස්සන්න මහන්සි ගන්නවා. කැලණිය පුන්‍ය භූමියේ සංවිධායකවරයා හැටියට මං මේ කියන්නේ, ප්‍රධාන මාධ්‍යට මේක’’
 
Related Posts with Thumbnails