Ads 468x60px

.

මන්දාකිනි නිසා රයිගම් ටෙලිස් හි දමිතා හොඳම නිළිය වෙයි

හොඳම නිළිය සම්මානයට නිර්දේශිතව සිටියේ පබෝධා සන්දීපනී හා සමාධි ලක්සිරිය...

ටෙලි නාට්‍ය ශිල්පීන්ට සම්මාන ප‍්‍රදානය කරන රයිගම් ටෙලිස් සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙස ජනපි‍්‍රය නිළි දමිතා අබේරත්න සම්මාන ලැබීමට නියමිත බව වාර්තා වේ. 


අටවැනි වරට පැවැත්වෙන මෙම සම්මාන උළෙල අද (11) සවස වෝටර්ස් එජ් හිදී පැවැත් වේ.මෙහි හොඳම නිළිය සම්මානයට නිර්දේශිතව සිටි සෙසු නිළියන් වූයේ පබෝධා සන්දීපනී හා සමාධි ලක්සිරිය.

බිමල් ජයකොඩි, පාලිත පෙරේරා හා ජනක් පේ‍්‍රමලාල් අතර හොඳම නළුවාට තරගයක්ද පවතින බවද වාර්තා වේ.ශී‍්‍ර ලංකා ජාතික කතෝලික සිනමා පර්ෂදයේ 35 වැනි සිග්නීස් උත්තමාචාර උළෙලේ 2010 වසරේ හොඳම නිළිය ලෙසද දමිතා මීට පෙර සම්මානයට පාත‍්‍ර විය.

එහිදී ඇයට සම්මාන හිමිවූයේ ‘දකින දකින මල්’ චිත‍්‍රපටයේ ‘මන්දාකිනි’ගේ චරිතය නිරූපණය කිරීම වෙනුවෙනි.
 
Related Posts with Thumbnails