Ads 468x60px

.

කොළඹ නවලෝක රෝහලේ යකා නැටු බේරුවල ප්‍රාදේශීය සභා සභාපති

ප්‍රසන්න සංජීව සභාපතිවරයා බීමතින් ඉඳලා...

කොළඹ නවලෝක රෝහලට ඊයේ (10 වැනිදා) සවස පැමිණ ඇති බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සංජීව මහතා වෛද්‍යවරුන්ට අයත් රථ ගාලේ සිය රථය නතර කිරීමට ඉඩ නොදීම පිළිබඳ උරණ වී රෝහල් ආරක්‍ෂක නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණවදිමින් 




පහර කෑමට ලක්‌ වූ එක්‌ ආරක්‍ෂක නිලධාරියකුට තුවාල සිදුව ඇති අතර මේ සම්බන්ධයෙන් ඊයේ (10 දා) සවස රෝහල් පාලනාධිකාරියේ අනුදැනුම මත ආරක්‍ෂක අංශ නිලධාරීන් කොම්පඤඤවීදිය පොලිසියට පැමිණිලි කර ඇත.

කිසියම් අවශ්‍යතාවක්‌ සඳහා ඊයේ (10දා) සවස රෝහලට පැමිණි ප්‍රසන්න සංජීව මහතා වෛද්‍යවරුන්ගේ රථ ගාලේ සිය පෙජරෝ රථය ගාල් කිරීමට සූදානම් වී තිබේ. නමුත් ආරක්‍ෂක අංශවලින් ඊට ඉඩ ලැබී නැත.

මේ අවස්‌ථාවේ සභාපතිවරයා බීමතින් සිටියේ යෑයි පහරකෑමට ලක්‌ වූ අය සඳහන් කරති.
 
Related Posts with Thumbnails