Ads 468x60px

.

ඒ අක්කා හරහා තමයි මේ සම්බන්ධය ඇති වුණේ - අභිෂේකා කියයි

ගෙවල්වලට කිව්වා. ගෙවල් දෙකෙන්ම අපිට ආශිර්වාදය ලැබුණා....

රිද්මය, හඬ, ගායනය, මිහිර එක්වූ තැන නැගෙන සංගීතය ඇගේ ජීවිතයම වුවද ඇය වඩාත් අපට සමීප වන්නේ නිවේදිකාවක ලෙසය.  


අයි.ටී.එන් නාලිකාවේ දේදුණු හැන්දැව හරහා ජනතාවට සමීප වූ ඇය ප‍්‍රවීණ ගීත රචක සුනිල් විමලවීරයන්ගේ දියණිය වන විශාරද අභිෂේකා විමලවීරයි. සිය ජීවිතයේ විශේෂ කඩඉමකට ළංව සිටින ඇය ශ‍්‍රී ලංකා මිරර් සමඟ දොඩමළු ව මෙසේ කීවාය.

අභිෂේකා මේ දවස්වල ගොඩක් සතුටින්,  මොකක්ද හේතුව
මම මේ දවස්වල විවාහයට සුදානම් වෙනවා. ඇත්තටම ගොඩක් සතුටින් ඉන්නේ. මෙච්චර ඉක්මනට විවාහවෙයි කියලා හීනෙන්වත් හිතුවේ නෑ.

කවුද ඒ වාසනාවන්තයා කියලා කියමු.
එයාගේ ගම මාතලේ, වෘත්තීයෙන් ඉංජිනේරුවෙක්. විවාහයෙන් පස්සේ කොළඹට එන්න බලාපොරොත්තුවක් තියෙනවා. නම එහෙම පස්සේ කියමු නේද?

කොළඹයි මාතලෙයි හම්බවුණේ කොහොමද?
ඒක ටිකක් දිග කතාවක්. කෙටියෙන්ම කිව්වොත් කොළඹ කැම්පස් එකේ සංගීත සංදර්ශනයක් තිබුණා. ඒකදි මම සිංදු කිව්වා. නිවේදිකා විදියට හිටියේ රූපවාහිනියේ අක්කා කෙනෙක් ඒ අක්කා හරහා තමයි මේ සම්බන්ධය ඇති වුණේ. පස්සේ ගෙවල්වලට කිව්වා. ගෙවල් දෙකෙන්ම අපිට ආශිර්වාදය ලැබුණා.
 
Related Posts with Thumbnails