Ads 468x60px

.

ටෙලි සම්මාන රාත‍්‍රියේ හොදම රංගන ශිල්පිණිය දමිතා අබේරත්න

සම්මාන ලැබූ සියළුම නිර්මාණ කරුවන්ට සහ කලාකරුවන්ට උණුසුම්  සුබ පැතුම්...
 
ටෙලි නාට්‍ය ශිල්පීන්ට සම්මාන ප‍්‍රදානය කරන රයිගම් ටෙලීස් සම්මාන උළෙල 2011 වසර සඳහා අටවැනි වරට මැයි මස 11 වෙනි දින සවස වෝටර්ස් එජ් හිදී පවත්වන ලදී . 


මෙම රයිගම් ටෙලි සම්මාන රාත‍්‍රියේ හොදම රංගන ශිල්පිණිය ලෙස මිට කලින් අප හෙළි කල පරිදි දමිතා අබේරත්න ස්වයංජාත ටෙලි නාට්‍යයෙහි කළ රංගනය වෙනුවෙන් හොදම නිළිය ලෙස සම්මාන ලැබූ අතර බිමල් ජයකොඩි  සැනකෙළියයි මායා හි කළ රංගනය වෙනුවෙන් හොදම රංගන ශිල්පියා ලෙසත් , හොදම තිර රචනය සහ අධ්‍යක්‍ෂණය වෙනුවෙන් ඇත්කද ළිහිණියා ටෙලි නාට්‍යයෙහි තිර රචක සහ අධ්‍යක්‍ෂක වරයා වූ  සරත් ධර්මසිරි සම්මානයෙන් පිදුම් ලැබූ අතර හොදම ටෙලි නාට්‍ය වූයේද ඇත්කද ළිහිණියා ටෙලි නාට්‍යයයි. 

සම්මාන ලැබූ සියළුම නිර්මාණ කරුවන්ට සහ කලාකරුවන්ට උණුසුම්  සුබ පැතුම්.

 රයිගම් ටෙලිස් හි දමිතා හොඳම නිළිය වෙයි
 
Related Posts with Thumbnails