Ads 468x60px

.

සම්බුද්ධ තෙමගුල සිහිකිරීමට සකලවාසී බෞද්ධ ජනයා සූදානම්

බුදු තෙමඟුලට රටම සැරසේ

සම්බුදු තෙමඟුල සමරන වෙසක් පෝය හෙට (05)යෙදී තිබේ.වෙසක් පසලොස්වක පොහෝ දිනය බුදුරජානන්වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑ සිදුවූ  බවට සැලැකේ.


ආගමික හා සංස්කෘතික උත්සවයක් ලෙස ශ‍්‍රී ලංකාවේ වෙසක් උත්සවය සමරනු ලබන අතර ඒ සඳහා සතියක පමණ කාලයක් ද නම් කර ඇත.විදුලි ආලෝකයෙන් ප‍්‍රභාවත් වූ තොරණ් බැඳීම හා වෙසක් පහන් කූඩු එල්ලා තැබීමෙන් බුද්ධ, ධම්ම, සංඝ යන උතුම් තුණුරුවනින් ප‍්‍රභාවත් වන ආලෝකය සංකේතවත් වන බව බෞද්ධයාගේ මතයයි.

බෞද්ධ ජනතාව මෙම කාලයේදී උත්සව පැවැත්වීම සියවස් ගණනාවක් පැරණි සම්ප‍්‍රදායක් ලෙස හුවා දැක්විය හැක.ඉන්දියාවෙන් පිටස්තර ලෝකයට බුදුදහම ව්‍යාප්ත වීමත් සමග ඒ ඒ රටවල සංස්කෘතීන් සමග උත්සව විධි බද්ධ විය.

බුදුන්වහන්සේ ගේ දේශනා අනුව, ආමිස පූජා හා ප‍්‍රතිපත්ති පූජා තුළින් සම්බුද්ධ තෙමගුල සිහිකිරීමට සකලවාසී බෞද්ධ ජනයා සූදානම් වන අයුරු කැමරා කාච යේ සටහන් වූයේ මෙසේය.












 
Related Posts with Thumbnails