Ads 468x60px

.

ගෑස් කිරිපිටි සහ සිමෙන්ති යලිත් ඉහලට

කිලෝග‍්‍රෑම් එකක කිරිපිටි පැකැට්ටුවක නව මිල රුපියල් 810ක්...

අද (04) මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 350කින් වැඩිවන බව සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප‍්‍රනාන්දු පවසයි.
ඔහු මේබව අනාවරණය කළේ කොළඹ පැවැති  ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදීය.ලාෆ් සහ ලිට්‍රෝ යන ගෑස් දෙවර්ගයටම මෙය බලපාන බවද ඔහු කීය.

මේ අතර, කිරිපිටි මිල ද ඉහළ නැංවීමට පාරිභෝගික සේවා අධිකාරිය අවසර ලබාදී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.ඒ අනුව කිලෝ ග‍්‍රෑම් එකක කිරිපිටි පැකැට්ටුවක් රුපියල් 163 න් ඉහළ නංවා ඇති අතර ඒ අනුව රුපියල් 647ක් වු එම කිරිපිටි පැකැට්ටුවක නව මිල රුපියල් 810ක් වනු ඇති බවද පැවසේ.

ග‍්‍රෑම් 400 යේ කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 61 න් ඉහළ නංවා තිබේ.
ඒ අනුව එම කිරිපිටි පැකැට්ටුවක නව මිල රුපියල් 325ක් වේ.කි.ග‍්‍රෑ 50 න් යුතු සිමෙන්ති කොට්ටයක මිල රු.70 න් ඉහළ නැංවීමට අවසර ලබා දී ඇති බවද පැවසේ.
 
Related Posts with Thumbnails