Ads 468x60px

.

මුල්‍ය අර්බුදයක් නිසා සනත් ජයසූරිය කැනඩාවේ හිරවෙයි

ප්‍රේක්ෂකයින් ටිකට්පත් ආපසු භාර දීලා...
 
කැනඩාවේ ටොරොන්ටෝ හී පැවති ප්‍රදර්ශන ක්‍රිකට් තරඟාවලියකට සහභාගීවීම වෙනුවෙන් හිමිවිය යුතු ඩොලර් 15000 ක මුදල හා ගමන් වියදම් නොලැබීම හේතුවෙන් සනත් ජයසූරියට කැනඩාවේ රැඳී සිටීමට සිදුව ඇති බව වාර්තාවේ.ටොරොන්ටෝහි රොජර්ස් සෙන්ටර් ක්‍රීඩා සැණකෙළිය විසින් කැනඩාවේ ක්‍රිකට් ප්‍රවර්ධනය සඳහා තරඟාවලියක් සංවිධානය කරන ලද අතර සනත් ජයසූරිය ඇතුළු ලොව පුරා රටවල් රැසක ක්‍රීඩකයින් ඒ සඳහා සහභාගී වී තිබේ.

එහෙත් පාකිස්ථානයෙන් පැමිණීමට නියමිතව සිටි සුපිරි ක්‍රීඩකයින් අවසන් මොහොතේ නොපැමිණීම නිසා ප්‍රේක්ෂකයින් සැලකියයුතු ප්‍රමාණයක් තමන්ගේ ටිකට්පත් ආපසු භාර දී ඇති අතර අනුග්‍රාහකයින්ද ඉවත්වී තිබේ. මේ හේතුවෙන් මුල්‍ය අර්බුදයක් ඇතිවීම ජයසූරිය ඇතුළු ක්‍රීඩකයින්ට නියමිත මුදල් නොගෙවීමට හේතුව වී ඇති බව සඳහන්ය.
 
Related Posts with Thumbnails