Ads 468x60px

.

ශ්‍රී ලංකා රූ ‍රැජින ගයේෂා පෙරේරා 2012 ආසියා පැසිපික් රූ ‍රැජින තරඟාවලියට

2009 දී ඇය Miss Talent කිරුළ හිමි කරගෙන ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් ලබා දුන්නා... 

නිරූපන, නර්ථන, රංගන යන ක්ෂේත්‍රයන්හී විශිෂ්ඨ කුසලතා දක්වන ගයේෂා පෙරේරා මෙවර 2012 ආසියා පැසිපික් රූ ‍රැජින තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබයි. 


හුදෙක් රූප රාජිනි තරඟාවලියකට සීමා නොවී ගායන, රංගන, නිරූපන ආදී වූ විවිධ ක්ෂේත්‍රයන් තුළින් විශිෂ්ඨ දස්කම් පාන ශිල්පිනියක් ලොවට හඳුන්වාදීම මූලික අරමුණ කරගත් මෙම තරඟාවලිය කොරියාවේ සහ ජපානයේදි පවත්වනු ලබයි.

අවසාන වටයට සුදුසුකම් ලබන තරඟකාරියන් 15 දෙනා ටෝකියෝ හීදී කිරුළට තරඟ වදී.

ගයේෂා පෙරේරා 2006 Miss International තරඟාවලියද 2009 Miss Tourism Queen International තරඟාවලියද නියෝජනය කල අතර 2009 දී ඇය
Miss Talent කිරුළ හිමි කරගෙන ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් ගෙන දීමට සමත් වුණා. මෙවරද ලංකාවේ නම ජාත්‍යන්තරයේ දිදුලවීමට හැකියාව ශක්තිය ඇයට ලැබේවා කියා අප ප්‍රාර්ථානා කරමු..

ඔබගේ සුබ පැතුම්

ගයේෂාගේ ෆේස්බුක් ෆෑන් පේජ් එක හරහා ලබාදෙන්න.
https://www.facebook.com/gayeshaonline




ඡායාරූප: දුමින්ද නවරත්න
 
Related Posts with Thumbnails