Ads 468x60px

.

බබාගේ අම්මා මට බැන්න හින්දා බබාගේ මුහුණ බීඩි කොටෙන් පිච්චුවා

සර් මගේ තාත්තාත් අම්මත් නැහැ...
මම ඉස්‌කෝලේ යන්නේ නැහැ... 
ඉඳලා හිටලා බීඩි බොනවා...

බබාගේ අම්මා මට බැන්නා. කේන්ති ගිය හින්දා බබාගේ මුහුණ බීඩි කොටෙන් පිච්චුවා යෑයි ගිරාඳුරුකෝට්‌ටේ රත්කිඳ අවුරුදු 2 1/2 ක වයසැති ළදැරියකගේ මුහුණ පිළිස්‌සීමේ චෝදනාව මත පොලිස්‌ භාරයට ගනු ලැබ සිටින 15 හැවිරිදි සැකකරු ප්‍රකාශ කළේය.

සැකකරු මෙසේද කීවේය. සර් මගේ තාත්තාත් අම්මත් නැහැ. මම ඉස්‌කෝලේ යන්නේ නැහැ. ඉඳලා හිටලා බීඩි බොනවා. ඒත් ඒක පුරුද්දකට නෙමේ.

රත්කිඳ ගමේ කවුරුත් මම ඇසුරු කරනවා. සිද්ධිය වූ දින මේ බබාගේ අම්මා මට බැන්නා. මට කේන්ති ගියා. ඒ නිසා බබාගේ මුහුණ මම බීඩි කොටෙන් පිච්චුවා.

අධිකරණයට ඉදිරිපත් කෙරුණු මෙම සැකකරු ලබන 15 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණි.



තරුණයකු වයස අවුරුදු 2 1/2 ක දැරියකගේ මුහුණ දුම් වැටියකින් පුච්චලා...


පිළිස්‌සුම් තුවාල 8 ක්‌ සහිත කුඩා දැරිය ගිරාඳුරුකෝට්‌ටේ රෝහලට...
රුණයා ප්‍රදේශයෙන් අතුරුදන් වෙලා...

ගිරාඳුරුකෝට්‌ටේ රත්කිඳ ප්‍රදේශයේ වයස අවුරුදු 2 1/2 ක දැරියකගේ මුහුණ දුම් වැටියකින් පිච්චූ තරුණයකු අත්අඩංගුවට ගැනීමට ගිරාඳුරුකෝට්‌ටේ පොලිසිය විශේෂ මෙහෙයුමක්‌ සිදුකරන බව පොලිස්‌ ආරංචි මාර්ග සඳහන් කරයි.



පිළිස්‌සුම් තුවාල 8 ක්‌ සහිත කුඩා දැරිය ගිරාඳුරුකෝට්‌ටේ රෝහලට ඇතුළත් කර ඇත. කුඩා දැරිය දුම්වැටියක්‌ ආධාරයෙන් පිළිස්‌සූ රුණයා වයස 16 ක අයෙක්‌ වන අතර ඔහු ප්‍රදේශයෙන් අතුරුදන්වී ඇතිබව පොලිසිය පවසයි.


කුඩා දැරියගේ නැන්දනිය පිළිස්‌සුම් තුවාල දැක ඒ පිළිබඳ ගිරාඳුරුකෝට්‌ටේ පොලිසියට පැමිණිලි කර ඇත. කුඩා දැරියගේ මව, දැරිය සමඟ අසල්වාසී නිවාසයකට නිදාගැනීමට ගොස්‌ සිටි අවස්‌ථාවේදී මෙම සිද්ධියට මුහුණ පා ඇත.




 
Related Posts with Thumbnails