Ads 468x60px

.

විකට රජු ප්‍රෙඩීගේ පුත් ජනේෂ් මියයයි

පසුගිය කාලයේදී පිළිකා රෝගයට ගොදුරු වී සිටියාලු...

නැසීගිය ප්‍රවීන විකට නළු ෆ්‍රෙඩී සිල්වාගේ පුත් ජනේෂ් සිල්වා ඊයේ (10 වැනිදා) පෙරවරුවේ මිය ගියා.

පසුගිය කාලයේදී පිළිකා රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මියගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලේදීය.


මියයන විට 50 හැවිරිදි වියේ පසුවූ ජනේෂ් තම පියාගේ අඩිපාරේ ගොස් විකට චරිත රඟපාමින් සිංහල චිත්‍රපට කිහිපයකටම සිය දායකත්වය ලබාදී තිබ්ණි.

දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා (13 වැනිදා) සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙනවා.


ජනෙෂ් මෙම වසරේ ජනවාරි 08 වැනිදා පිළිකා රෝගීන් වෙනුවෙන් පැවැත්වූ සංගීත ප්‍රසංගයකදී තම නැගණිය වන චාන්දනී සිල්වා සමඟ ගීයක් ගැයූ අයුරු පහතින් බලන්න.
 
Related Posts with Thumbnails