Ads 468x60px

.

තාම වයස 22 යි නේ - තවකල් තියෙනවා - ඒ ගැන පස්සේ හිතනවා - ශලිනි

සංකේත් මගේ හොඳ මිත‍්‍රයෙක්. 
අපි දෙන්නා එකම වයසේ...
හොඳ යාළුවෙකුට එහා ගිය දෙයක් නම් අපි අතර වෙලා නෑ.

පුංචි තිරයේද රිදී තිරයේද තාරකාවක් වු ශලිනි තාරකා රසික ජනතාව අතරට පිවිසියේ සිරස කුමරිය පළමුවැනි තරගයේ ජයග‍්‍රාහිකාවට හිමි කිරුළ දරිමිනි. එදා මෙදා තුර රඟපෑ  ටෙලිනාට්‍ය රැසක ආදරණීය පෙම්වතිය බවට පත්වු ඇය සැබෑ ජීවිතයේද පෙම්වතියක් වී ඇති බවට පසුගිය දිනවල රාවයක් පැතිරුණි. සැබෑවටම ඇය දන් පෙම්වතියක්ද? 


ශලිනි, සංකේත් ඔබේ පෙම්වතා කියන කථාව ඇත්තක්ද?
අනේ නෑ, සමහරු නම් එහෙම කියනවා.සංකේත් මගේ හොඳ මිත‍්‍රයෙක්. අපි දෙන්නා එකම වයසේ. හොඳ යාළුවෙකුට එහා ගිය දෙයක් නම් අපි අතර වෙලා නෑ.


එතකොට ශලිනිට තාම පෙම්වතෙක් නෑ.
මේ තියෙන කාර්ය බහුලත්වයත් එක්ක මට ආදරය කරන්න වෙලාවක් නෑ. ආදරේ කියන්නේ පුජනීය දෙයක්. ඒකට ලොකු කැප කිරීම් කරන්න  ඕන. මට තාම වයස 22 යි නේ. තවකල් තියෙන නිසා පස්සේ ඒ ගැන හිතනවා.


මේ දවස්වල මොනවද කරන්නේ.
මේ දවස්වල මොහාන් නියාස් මහත්මයා අධ්‍යක්ෂණය කරන මාධවී කියන චිත‍්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගී වෙනවා. තව ලක්මිණී අබේවර්ධන අධ්‍යක්ෂණය කරන අනු අටේ අටක් කියන ටෙලිනාට්‍යටත්, හිරු ටීවී එකේ විකාශනය වන සිහිනයකි ජීවිතේ ටෙලි නාට්‍යටත් රංගනයෙන් දායක වෙනවා. සිහින පියාපත් ටෙලි නාට්‍යයෙත් අවසන් කොටස් මේ දවස්වල රූගත කෙරෙන්නේ.


ශලිනිගේ ටෙලි නාට්‍ය ගමන පිළිබඳව මතක් කළොත්
මගේ මුල්ම ටෙලි නාට්‍ය ෂර්ලි පී දෙලංකාවල මහත්මයා අධ්‍යක්ෂණය කළ පුජාසනය නාට්‍ය. ආධුනිකයෙක් විදියට මම ඒ රංගනය ගැන තෘප්තිමත් වුණා. නමුත් පස්සේ රඟපාපු සමහර චරිතවලදී මට හිතුණා  මට ඊට වඩා දෙයක් කරන්න තිබුණු බව.මම මේ වෙන කොට මේ ක්ෂේත‍්‍රයට ඇවිත් අවුරුදු හතර හමාරක් වෙනවා. දැනට ටෙලි නාට්‍ය 17 – 18ක් විතර රඟපාලා තියෙනවා. ඒ අතරින් මෙගා නාට්‍යය තියෙන්නේ දෙකයි.


මෙගා ටෙලි නාට්‍යවලට අකමැතිද?
එහෙම නෑ. ඒත් කෙටි නාට්‍යවලට කැමතියි. කෙටි නාට්‍යවල කතාව අපි දන්නවා. ඒත් මෙගා නාට්‍යවල මොනවා වෙයිද කියලවත් දන්නේ නෑ. මුල මැද අග අස්ථාවරයි. හැබැයි කියන්න  ඕනෙ මේ රටේ හොඳ මෙගා නාට්‍යයත් නිර්මාණය වෙනවා.


ඔබ මේ දවස්වල හිරු ටීවී එකට සම්බන්ධ වෙලා ඉන්නවා.
ඔව් මම තමයි හිරු ටීවී එකේ හිරු ටොප් 20 කරන්නේ.


ඔබ අධ්‍යාපනයෙන් ඈත් වෙලාද?
උසස් පෙළින් පස්සේ මුකුත් කළේ නෑ. අධ්‍යාපන කටයුතුවලට යොමුවෙන්න හිතනකොට අලූත් වැඩක් යෙදෙනවා. ඒ නිසා අධ්‍යාපනය තවමත් ප‍්‍රමාදයි.


ඔබ දිගටම වෘත්තීමය නිලියක් වෙන්නද බලාපොරොත්තුව?
නොදැනුවත්වම දැන් එහෙම වෙලා. ඒත් දීර්ඝ කාලීනව රංගනයේ යෙදෙන්න බලාපොරොත්තුවක් නෑ. මම හිතාගෙන ඉන්නවා මගේ ම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න.


සොඳුරු රුව නිසාම ජනප‍්‍රිය වුණු තරුවක් විදිහට හිතුනේ නැද්ද නිරූපිකාවක් වෙන්න.?
නෑ. කවදාවත් එහෙම හිතුනේ නෑ. අනික නිරූපිකාවක් වෙන්න තරම් හොඳ උසක් මට නෑ.


කටකතා ගැන මොකද හිතෙන්නේ?
මිනිස්සු එක එක කට කතා හදනවා. අපි ඒක තේරුම්ගෙන ඉන්න  ඕනේ. මම ඒවාට බය වුණා නම් අද මෙතන නෑ. මගේ හෘද සාක්ෂිය දන්නවා මම කවුද කියලා.


ශලිනි දැන් කොළඹ ද පදිංචිය?
මම පන්නිපිටියේ ගෙයක් අරගෙන ඉන්නේ. අම්මත් ඉන්නවා මාත් එක්ක. අම්මා එයාගේ ව්‍යාපාරවල නියැලිලා ඉන්නේ.


අම්මා ශලිනිගෙ තනියට රූගත කරන ස්ථානවලට එනවද?
නෑ. මගේ වයසේ අනික් ගෑනු ළමයි වගේ මමත් මගේ රස්සාවට තනියම යනවා. හැබැයි කොළඹින් පිට ගියොත් අම්ම හරි අයියා හරි මගෙත් එක්ක එනවා.


මොනවද අනාගත බලාපොරොත්තු?
ලොකු බලාපොරොත්තු නෑ. කාටවත් කරදරයක් නොවී මගෙත් වැඩකටයුතු කරගෙන ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
 
Related Posts with Thumbnails