Ads 468x60px

.

කරු ජයසූරිය මහතා සහ ඔහුගේ බිරිද වෛද්‍ය ප්‍රතිකාර සදහා කොළඹ ආසිරි රෝහලට

Updated  
කරු ජයසූරිය මහතාගේ හිසෙහි x කිරණ ඡායාරූපයක් අරගෙන...
තත්ත්වය අසාද්‍ය නෑ...
 
අද පස්වරුවේ බරපතල රිය අනතුරකට ලක්වූ එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කරු ජයසූරිය මහතා සහ ඔහුගේ බිරිද මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර සදහා කොළඹ ආසිරි රෝහල වෙත රැගෙන එමින් සිටින බව වාර්තාවේ.

 
එම  රිය අනතුරින්  තුවාල ලැබු ඔවුන් දෙදෙනා වහාම හම්බන්තොට මහරෝහලට ඇතුලත් කොට මුලික ප්‍රතිකාර සිදු කරනු ලැබිය.


කරු ජයසූරිය මහතාගේ හිසෙහි x කිරණ ඡායාරූපයක් ලබා ගෙන තිබු අතර ඔහුගේ තත්ත්වය අසාද්‍ය නොවන බව වෛද්‍යවරුන් පවසති.

හම්බන්තොට කතරගම ප‍්‍රධාන මාර්ගයේ මිරිජ්ජවිල ප‍්‍රදේශයේදී  කරු ජයසූරිය මහතාගේම මෝටර් රථ 02 ක් එකිනෙක ගැටීමෙන් අද සවස 04 ට පමණ මෙම අනතුර සිදුවිය.


අනතුර සිදුවූ වහාම හෙලිකොප්ටරයක් මගින් ජයසුරිය මහතා සහ බිරිද කොළඹට ගෙන ඒමට ආණ්ඩුවේ ඇමතිවරු කිහිප දෙනෙකුම මැදිහත්වී ඇතත් ජයසුරිය මහතා එම ඉල්ලීම් කාරුණිකව ප්‍රතික්ෂේප කර තිබේ.




කරු ජයසූරිය මිරිජ්ජවිලදී රිය අනතුරකට ලක් වේ.

කතරගමට යමින් සිටියදී මෙම අනතුරකට ලක්වී ඇත...

එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කරු ජයසූරිය මහතා මිරිජ්ජවිල ප‍්‍රදේශයේදී රිය අනතුරකට ලක්වී ඇතැයි වාර්තා වේ. 


ඒ මහතාගේ තත්ත්වය බරපතල නොවුනද අනතුරෙන් ජයසූරිය මහතාගේ හිසට හා ඇසකට සුළු තුවාල සිදුව ඇති අතර ප‍්‍රතිකාර සඳහා ඔහු හම්බන්තොට රෝහලට ඇතුළු කර ඇත.

ජයසූරිය මහතා සිය මෝටර් රථයෙන් කතරගමට යමින් සිටියදී මෙම අනතුරකට ලක්වී ඇත.ඔහුට අද සවස් වන විට රෝහලෙන් පිටවිය හැකි බව වෛද්‍යවරු පවසා අතැයිද මේ අතර වාර්තා වේ.අනතුරෙන් ජයසූරිය මහතාගේ බිරිය ද සීරීම් තුවාල ලබා අතැයි පැවසේ.
 
Related Posts with Thumbnails