Ads 468x60px

.

විද්‍යා බාලන් නළුවන් හා අධ්‍යක්‍ෂකවරුන් සමග රඟපෑමට කෑදරයිලු

ශාරුක් ඛාන් සමඟ පේ‍්‍රමණීය චිත‍්‍රපටයක රඟපෑමකට විද්‍යා සිහින දකිනවලු...

බොලිවුඞ් තරු අතර රැජිනක් වන විද්‍යා බාලන් දක්‍ෂ නළුවන් හා අධ්‍යක්‍ෂකවරුන් හා රඟපෑමට කෑදර බව පැවසේ.



ඇය මේ බව පවසා ඇත්තේ තමා සමග මීට කලින් රගපා ඇති නළුවන් ට අමතරව ඉදිරියේදී රගපෑමට සිහින දකින නළුවන්ගේ පිළිබඳව අදහස් දක්වමිනි.

විද්‍යා රගපෑමට සිහින දරකින රිදී තිරයේ කුමරුන් අතර අභිෂේක් බච්චන්, ෂාරුක් ඛාන්, රිතික් රෝෂන් සහ ප්‍රොසෙන්ජිත් චාතර්ජී ද සිටියි.

රිතික් රෝෂන් සමඟ මීට පෙර කිසිදු චිත‍්‍රපටයක රඟ පෑමට අවස්ථාවක් නොලත් ඇය පවසන්නේ සෑම වසරකම ප්‍රොසෙන්ජිත් සමග බෙංගාලි චිත‍්‍රපටයක රඟපෑමකට අවස්ථාව ලැබෙනු ඇතැයි සිතා සිටියද, කාලය පිළිබඳ ගැටලූ ඇති වුනු හෙයින් එය මගහැරුණු බවයි.

තවද පේ‍්‍රම වෘත්තාන්තවල රජු බවට පත් ව සිටින ශාරුක් ඛාන් සමඟ පේ‍්‍රමණීය චිත‍්‍රපටයක රඟපෑමකට විද්‍යා සිහින දකිමින් සිටියි.
කුඩා කල සිට තමා ශාරුක් ගේ චිත‍්‍රපට නැරඹූ බව ඇය පවසයි.
පේ‍්‍රම වෘත්තාන්ත පිළිබඳ කතා කරනවානම් සිය මතකයට නැගෙන්නේ රාජේෂ් ඛන්නා සහ ශාරුක් ඛාන් බව ද ඇය පවසා ඇත.

‘‘දිල්වාලේ දුල්හනියා ලේජායින්ගේ’’ චිත‍්‍රපටයේ ශාරුක් පණපෙවූ රාජ්ගේ චරිතය සෑම කාන්තාවක්ම ආදරයෙන් වැළඳ ගත් චරිතයක් බව පවසන විද්‍යා, ඔහු සමග කෙදිනක රගපෑවත් එය යහපත් සබඳතාවයක් පිළිබඳ චිත‍්‍රපටියක් වනු ඇතැයි ප‍්‍රාර්ථනා කරන බව කියයි.
 
Related Posts with Thumbnails