Ads 468x60px

.

පින්තුර කථාව...

ආයුර්වේද වෙදුන් බටහිර වෛද්‍යවරුන්ට ඇඳීමට තැත් කරන විට මතු වන්නේ හාස්‍යක්...

බටහිර වෛද්‍යවරුන්ට ලැබෙන දීමනා ඉල්ලමින් ආයුර්වේද වෛද්‍යවරුන් උද්ඝෝෂණය කරති. 


වෛද්‍ය පීඨයකට ඇතුලත් වීමට උසස් පෙළ ඉහල ලකුණු ලබා ගත යුතුය.බටහිර වෛද්‍යවරයෙකු ලෙස පුහුණුව ලැබීමට කල යුතු කැපවීම මහන්සිය අති විශාලය.බොරැල්ලේ ආයුර්වේද රෝහලේ සිදු කරන ආයුර්වේද වෛද්‍යවරුන් පුහුණු කිරීම සහ වෛද්‍ය පීඨ වල වෛද්‍ය සිසුන් පුහුණු කිරීම අතර විශාල වෙනසක් තිබේ. එම නිසා මේ ඉල්ලීම් අසාධාරණය. 

සත්‍ය නම් බටහිර වෛද්‍යවරුන් සහ ආයුර්වේද වෙදුන් එහා හා සමාන නැත. ආයුර්වේද වෙදුන් හීනමානය නිසා බටහිර වෛද්‍යවරුන් සේ ටයි පැළඳ වේද නලා කරේ ගෙන බටහිර වෛද්‍යවරුන් සේ පෙනී සිටීමට උත්සහ දරති. නමුත් සමාජය තවමත් මොවුන් හඳුනාගන්නේ වෙද මහත්තුරුන් මිසක් දොස්තර මහත්තුරුන් ලෙස නොවේ. 

සමහර  ආයුර්වේද වෙදුන් බටහිර ඖෂධ කල්ක,චුර්ණ,කසාය වලට මිශ්‍ර කොට දෙති. මේ නිසා  ආයුර්වේද වෙදුන්  ගේ තත්වය හෑල්ලු වී තිබේ. ඉස්සර ගමේ වෙද මහතුන්ට තැනක් තත්වයක් තිබුණි. ඒ ඔවුන් තමන්ගේ අනන්‍යතාවයෙන් පෙනී සිටි නිසාය. 

මිනිසුන් වෙද මහතුන්ට  ගෞරව  කළහ. නමුත් ආයුර්වේද වෙදුන් බටහිර වෛද්‍යවරුන්ට ඇඳීමට තැත් කරන විට මතු වන්නේ හාස්‍යකි.ආයුර්වේද වෙදකමට පිටරටින් පවා ඉල්ලුමක් තිබේ. 

එම නිසා ආයුර්වේද වෛද්‍යවරුන් තමන්ගේ හීනමානය අතහැර තමන්ගේ  ගෞරව අනන්‍යතාවය රැකෙන පරිදි කටයුතු කරමින්   බටහිර ඖෂධ කල්ක , චුර්ණ , කසාය වලට මිශ්‍ර කොට නොදෙමින් නියම ආකාරයට  ආයුර්වේද වෙදකම කරන්නේ නම් යලිත් ඔවුන්ට නැති වී ගිය ගෞරවය ලබා ගත හැක.එසේම විශාල වශයන් අදායම උපදවා ගත හැක. 





 
Related Posts with Thumbnails