Ads 468x60px

.

රත්නපුරේ තවත් බුදුවරු තුන් දෙනෙක් පහල වෙලාලු...

ඇස් ඇරගෙන වැඩ කරන්න බැරිනම් අමාත්‍යාංශය අපිට බාර දෙන්න...ඤානිස්සර හිමි.

මෙරට අභීත ශාසනික් උරුමය යටපත් කරමින් නිර්මල බුදු දහමත්, බුද්ධ ශාෂනයක් විකෘති කිරීමේ දැවැන්ත දෙස් විදෙස් යාන්ත‍්‍රණයක් මේ වන විට හිස ඔසවමින් සිටින බව බොදු බල සේනා සංවිධානය පවසයි.


‘රත්නපුරේ තවත් ඊනියා බුදුවරුන් තුන් දෙනෙක් මේ වන විට පහල වෙලා. මේ වගේ අය බුදුදහම යයි කියා විවිධ පොත් පත් අනවසරයෙන්ම ප‍්‍රකාශයට පත් කර ගන්නවා. 

බෞද්ධ පොත්පත් ප‍්‍රකාශණය සඳහා විධිමත් නියාමනයක් කරන්න තවමත් කිසිදු පියවරක් අරගෙන නෑ. බෞද්ධ පූජා භූමිවල කොටස් විවිධ අන්තවාදීන්ට හොර රහසේ විකුණලා තමන්ගේ මඩිය තර කර ගන්නවා. බුද්ධ ශාසන අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මේ විදිහට ඉවත් බවක් නැතිව කටයුතු කලොත් බුද්ධ ශාසන අමාත්‍යාංශය වටලා දැවැන්ත ක‍්‍රියාමාර්ගයක් ගන්නවා. 

එහි නිලධාරීන්ට ඇස් ඇරගෙන වැඩ කරන්න බැරිනම් අමාත්‍යාංශය අපිට බාර දෙන්න කියලා ඉල්ලා සිටිනවා.’ යයි එම සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලබොඩඅත්තේ ඤානිස්සර හිමියෝ පවසති.



ගාල්ලේ මෛත‍්‍රී බුදුන් යයි කියූ අයගේ බෑණා පැහැරගනී..

 ‘ගාල්ලේ මෛත‍්‍රී බුදුන්’ යයි කියූ අයගේ බෑණා පැහැරගෙන

බුදු දහමට නිගරු වන අයුරින් කටයුතු කනර බව කියන ගාල්ල වඳුරඹ ප‍්‍රදේශයේ පදිංචි දේශකයාගේ බෑණා සහ තවත් කාන්තාවක් මෝටර් රථයකින් පැමිණී පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බවට පොලීසියට පැමැණිල්ලක් ලැබී තිබේ.

මෙම දේශකයාට එරෙහිව වඳුරඹ නගරයේ ඉකුත් 24 වැනි දින පැවති විරෝධතාවයේදී මෙම දෙදෙනා පැහැර ගත්තැයි පැමිණිල්ලේ සඳහන්ය.
බෑණා බූස්ස ප‍්‍රදේශයේ පංදිචි කරුවෙක් වන අතර කාන්තාව අක්මීමන ප‍්‍රදේශයේ පදිංචිකාරිනියකි.

පැහැරගෙන ගිය මෝටර් රථයේ අංකය හඳුනාගෙන ඇති අතර ඒ ඔස්සේ පොලීසිය පරීක්‍ෂණ මෙහෙයවයි.
 
Related Posts with Thumbnails