Ads 468x60px

.

නවතම ජන සංගනනයට අනුව ජනගහනය දෙකෝටි ‍දෙලක්ෂ හැත්තෑහත්දහස් පන්සිය අනූ හතයි...


සිටි ජනගහනයට වඩා එක්ලක්ෂ හතලිස් අට දහස් තුන්සිය හතලිහක වැඩිවීමක්...

නවතම ජන සංගනනයට අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය දෙකෝටි ‍ දෙලක්ෂ හැත්තෑහත්දහස් පන්සිය අනූ හතක් ලෙස ගණන් බලා තිබේ.


ජන ලේඛන හා සංඛාලේඛන දෙපාර්තමේන්තුව මෙම තොරතුරු හෙලි කරන්නනේ 2011 - 2012 ජන හා නිවාස සංගනන වාර්තාව එලිදක්වමිනි.
එය දෙදහස් එක වසරේ පැවති සංගනනයට අනුව මෙරට සිටි ජනගහනයට වඩා එක්ලක්ෂ හතලිස් අට දහස් තුන්සිය හතලිහක වැඩිවීමකි.

ඒ අනුව මෙරට ජනගහනය 2001 වසරට සාපේක්ෂව සීයයට හතයි දශම නවයකින් වැඩිවී ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව ශ්‍රී ලංකාවේ ජනගහන වර්ධන අනුපාතිකය සියයට සියයට 0.7 කි.

මුළු ජනගහනයෙන් සියයට 28.8 ක වැඩිම ජනගහනයක්  බස්නාහිර පළාත තුළ දිවිගෙවන අතර අඩුම ජනගහනය වන සියයට 5.2 ක් දිවිගෙවන්නේ උතුරු පළාතේයි.

දිස්ත්‍රික් මට්ටමින් ගත්කළ වැඩිම ජනගහනයක් කොළඹ දිස්ත්‍රික්කයේ වාසය කරන අතර එම සංඛාව විසිතුන් ලක්ෂ විසිතුන් දහස් අටසිය විසිහයකි.92,228 ක් වූ අඩුම ජනගහනය මුලතිව් දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.
 
Related Posts with Thumbnails