Ads 468x60px

.

වත්සලා කුමුදුනි ද සිල්වාට යුක්තිය ඉටු කරනු...

බලපිටියේ වැල්ලවත්තේ පදිංචි වත්සලා කුමුදුනි ද සිල්වා බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනයත් ද්විතික අධ්‍යාපනය අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයෙනුත් සම්පුර්ණ කොට රුහුණු සරසවියට යාමට වරම් ලැබුවාය.  


පසුගිය වසරේ පැවති නායකත්ව පුහුණුවේදී  බාල්කයක එල්ලී සිදුකල ශාරීරක ව්‍යායාම කටයුත්තකදී ඇද වැටි ඇයගේ තුනටිය ආබාධයකට ලක්විය. වෛද්‍ය ප්‍රතිකාර වලින් තුනටියේ බිඳුණු අස්ථි සුවකරගත් වත්සලා රුහුණු විශ්ව විද්‍යාලයට ඇතුලත්  වුයේ 2011 ඔක්තිබර් මස 28 වන දාය. රුහුණු සරසවියේදී තමාගේ තුනටියේ තිබු අසනීපය පිලිබඳ කල්තියා ජේෂ්ඨයන් දැනුවත් කල වත්සලා නවක සිසුන්ට දෙන හිරිහැර වලින් නිදහස ලැබීමට සමත්විය. 

මුලදී කායික හිංසා ඇයට ජේෂ්ඨයන් විසින් සිදු නොකළ අතර ඒ වෙනුවට ඇයට සිදුවුයේ කුණුහරුප 10 ක් කටපාඩම් කොට ජේෂ්ඨයන්ට ඒවා පාඩම් දීමටයි. නමුත් ඉන් පසු දින දෙවන මහලේ කැන්ටිමට ගියපසු නවක සිසුන් පෝලිම් ගැසීමේදී වත්සලා ඉන් ඉවත්ව සිටිනු දුටු  කෞමිනි  නමැති   ශාස්ත්‍ර  පිඨයේ ජේෂ්ඨ ශිෂ්‍යාවක් ඇය වෙත කඩා පැන්නේ "තමුසේ මොකද පැත්තකට වෙලා? තමුසේ කොහෙන්ද? යැයි විමසුවාය.

වත්සලා තමා බලපිටියෙන් බව පවසා ඇත.. "ආ බලපිටියේද ......? තමුසේ හැමදාම අයිස් ගහනවා" කියමින් වත්සලා කුමුදුනි නවක සිසුන්ගේ පෝලිමට එක්කොට ඇත. ඉන්පසු ජේෂ්ඨ වධකයන් විසින්  නවකයන්ගේ පෝලිමේ ඉස්සරහටත් පසුපසටත් තෙරපණු  ලැබීය.  පීඩනය දරාගැනීමට නොහැකිවූ  වත්සලා කුමුදුනි බිම ඇද වැටුණු අතර නැවත සිහිය පැමිණියේ රෝහලේදීය. 

තුනටියේ අමාරුව තිබු ඇය මාතර රෝහලට ඇතුළත්කොට තිබුනේ  ඇයට නවක වධය දුන් කෞමිනි නමැති ශාස්ත්‍ර පිඨයේ ජේෂ්ඨ ශිෂ්‍යාව විසිනි. ඇය වත්සලා රෝහල් ගතකොට තිබුනේ පඩිපෙලකින් වැටුනයායි බොරුවක් රෝහලටද පවසමිනි. පසුව තමන්ව නවක වධයට ලක් කරන ලද රුහුණ සරසවියේ  ශාස්ත්‍ර පිඨයේ දෙවැනි වසරේ සිසුවියක් වන  කෞමිනි නැමැත්තිය මාතර මහේස්ත්‍රාත් උසාවියේදී වත්සලා කුමුදුනි ද සිල්වා විසින් හඳුනාගනු ලැබුවාය. 

දැනට සැකකාරිය රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට තිබේ. මෙම සිදුවීම වූ අවස්ථාවේදී රුහුණ සරසවියේ උප කුලපති මහාචාර්ය සුසිරිත් මෙන්ඩිස්, නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ගාමිණී සේනානායක මහත්වරුන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරගෙන යන බව කීවද මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් කලේ නැත.  

මිට පෙරද රුහුණු සරසවියේ අමානුෂික නවක වදය නිසා 1993 වසරේ චමින්ද පුන්චිහේවා යන සිසුවා මිය යන ලදී. 1997 වසරේ ද නවක වදය නිසා රුහුණු සරසවියේ සිසුවියක් දිවි නසා ගත්තාය. ජේෂ්ඨයන් විසින් මෙම සිසුවිය ලිංගික හිංසනයට ලක් කොට තිබූ බව පසුව හෙළි විය. 

මේ නිසා වත්සලා කුමුදුනි ද සිල්වාට සිදු වූ අසාධාරණය යලි වෙනත් අයෙකුට සිදු නොවීමට රුහුණ සරසවියේ  බලධාරීන් පියවර ගත යුතුය. එසේම වත්සලා කුමුදුනි ද සිල්වාට යුක්තිය ඉටු කල යුතුය.
 
Related Posts with Thumbnails