Ads 468x60px

.

ජනාධිපතිතුමාගේ වශී බෝලයට කුඩා දරුවාත් වශී වූවාද

නොදරුවා ඒ සමග සෙල්ලම් කිරීමට පටන්අරන්...

වසර 39 කට පසු ප්‍රතිසංස්කරණය වූ  ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් ‘මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණය’ ඊයේ (26) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හදිසි නිරීක්ෂණයට ලක්විය.


මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ නිමකරන ලද ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා මහල් නිවාස වැසියන් සමඟද සුහද කථාබහක යෙදුණී.

ඒ අවස්ථාවේදී ජනාධිපතිතුමා කුඩා දරුවෙකු සුරතල් කළ අතර ජනපතිතුමාගේ අතේ තිබූ වශී බෝලය දුටු මේ නොදරුවා ඒ සමග සෙල්ලම් කිරීමට පටන් ගත්තේය. ජනතාව වශී කර ගැනීම සදහා නිතර ලග තබා ගන්නා මේ වශී බෝලයට කුඩා දරුවාත් වශී වූවා විය හැකිය.

කෙසේ නමුත් වසර 39 කට පසු මෙම මහල් නිවාස සංකීර්ණය ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව එහි පදිංචිකරුවෝ ජනාධිපතිතුමාටත්, විමල් වීරවංශ මහතාටත් සිය ප්‍රණාමය මෙහිදී  පුදකර සිටියහ.








 
Related Posts with Thumbnails