Ads 468x60px

.

ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල ජගත් විශ්ව විද්‍යාල ශ්‍රේනිගත කිරීමෙන් තවත් පහලට වැටීමේ අවදානමක්...

අධ්‍යාපනික ගුණාත්මකභාවය අතින් දැනට ලෝකයේ ඉතාම පහළම  දර්ශකයක් දරන ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල වර්තමානයේ සරසවි ආචාර්යවරුන්ගේ වර්ජනය නිසා  තවදුරටත් පහල වැටීමේ අවදානමක් පවතින බව කොළඹ විශ්ව විද්‍යාලයේ  කථිකාචාර්යවරයෙකු විසින් පවසයි.  


තවමත් මෙම අර්බුධය සමථයකට පත් වී නොමැති නිසා  විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය  විසින් මෙම  වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කර තිබේ.  එසේම එමෙන්ම මෙවර පැවැත්වෙන අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතුවලින් ඉවත්වීමටද  විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තීරණය කර ඇත. 

2012 ජනවාරි ජගත් විශ්වවිද්‍යාල  ශ්‍රේනිගත කිරීම අනුව ශ්‍රී ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල උගන්ඩාවේ, ඝානාවේ , සුඩානයේ සහ ඉතියෝපියාවේ ජාතික විශ්වවිද්‍යාල වලට වඩා පහත් දර්ශකයක් දරයි. සාක්ෂරතාවය අඩු අසමත් අප්‍රිකානු රාජ්‍යවල විශ්ව විද්‍යාල පවා මේ අනුව අධ්‍යාපනික ගුනත්මකභාවෙන් ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල පරාජය කොට තිබේ. වර්තමාන  සරසවි ආචාර්යවරුන්ගේ වර්ජනය නිසා මෙම දර්ශකය තවදුරටත් පහත වැටීමට ඉඩ තිබේ.

2012 ජනවාරි ජගත් විශ්වවිද්‍යාල  ශ්‍රේනිගත කිරීම අනුව ශ්‍රී ලංකික විද්‍යාල සහ අප්‍රිකානු විශ්ව විද්‍යාල වල තත්වය පහත   දැක්වේ (උපුටා ගැනීම  http://www.webometrics.info/top12000.asp   Ranking Web of World Universities 2012 January )  



Sri Lankan Universities              World Rank 

         
University of Colombo                        1447

University of Peradeniya                    1909

University of Moratuwa                       2794 

University of Sri Jayewardenepura       3078 

University of Kelaniya                         4434 

Open University of Sri Lanka               5012

University of Ruhuna                           5071

University of Jaffna                              7940

Sabaragamuwa University                    8627

Rajarata University                              9145



African  Universities                World Rank

Makerere University                           1,177
(Uganda)

 University of Khartoum                      1,216
(Sudan)

Kwame Nkrumah University               1,338       
(Ghana)

Addis Ababa University                      1,367
(Ethiopia)



- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails