Ads 468x60px

.

වාහන පදවන්නේ වමෙන් නැතිව උඹේ ඔළුවෙන්ද - ස්ථානාධිපති

ඇයි රාලහාමි මොකක්ද වරද...
අලුත්ම නීතිය වමෙන් පැදවීම වරදක්...

ගම්පහට නුදුරු පොලිස් ස්ථානයක සේවය කළ පොලිස් නිලධාරියකු දුම්රිය මාර්ගයක් අසල රාජකාරියේ නියැලී සිටියේය. 

කාන්තාවක් තම වාහනය දකුණුපසින් තවත් වාහනයකට ඉස්සර කොට ගමන් කරන බව දුටු මේ පොලිස් නිලධාරියා සංඥා කොට එම රථය නැවැත්වීය.



රථයේ සිටි කාන්තාව “ඇයි රාලහාමි මොකක්ද වරද” කියා ඇසුවේ ඇය දැනුවත්ව වරදකට අසු නොවීම නිසාය. පොලිස් නිලධාරියා තමා ඉර කපා ඉස්සර කිරීම වරදක් බව නොදන්නවාදැයි ඇසීය.

එවිට කාන්තාව “ආ රාලහාමි එය වරදක් නම් තමා මම කෙළේ ලෑන්ඩ් මාස්ටර් එක පස්සේ ගාටන්න ගියාම බ්ලොක් වන නිසායි ඉස්සර කළේ. එය වරදක් කියල හිතනව නම් දඩ කොළයක් දෙන්න.”පොලිස් නිලධාරියා ද කිසිවක් නොකියා දඩ කොළයක් ලියා ඇය අත තැබීය.
දඩ කොළය රැගෙන ගිය ඇය එහි සඳහන් කර ඇත්තේ කුමන වරදක් කියා පිරික්සා බැලීය.

ඇයට සිනා පහළ විය. මේ දඩ කොළය අරන් උසාවි ගියොත් පොලිස් නිලධාරියා අධිකරණයේ උපහාසයට ලක්වෙනවා. කෝකටත් ඕ. අයි. සී. මහත්තයට මේක දන්වල හිටිනව කියා අදාළ පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ගත්තාය.

ඇය සියල්ල ස්ථානාධිපතිවරයාට සැලකර මට දඩ කොළයක් දීල තියෙනව. දැන් අලුත්ම නීතිය වමෙන් පැදවීම වරදක් ද කියා ඇසීය.
ස්ථානාධිපතිවරයා කරුණු අවබෝධ කරගෙන අනේ නෝනා මේක අරන් උසාවි ගියොත් මටත් ගැටලු රැසකට මුහුණ දෙන්න වෙනවා. යන එන ගමන් මට ඔය කොළේ ගෙනත් දෙන්න. මම අදාළ නිලධාරියා ගැන බලාගන්නම් කියා ඉහත කී කාන්තාවට කියා ඇත.

පසුව ස්ථානාධිපතිවරයා අදාළ නිලධාරියා ගෙන්වා “වාහන පදවන්නේ වමෙන් නැතිව උඹේ ඔළුවෙද කියා” සැරෙන් විමසා දඩ කොළයක් හෝ වෙන දෙයක් හරි ලියනකොට නිවැරැදිව එය කරන ලෙස තරයේ අවවාද කර ඇත.
 
Related Posts with Thumbnails