Ads 468x60px

.

තවම මම ආදර වන්තියක් නෙමෙයි, එහෙම වෙලා ඉදලත් නෑ - ප‍්‍රතිභා

දෙමව්පියෝ කව්රු හරි හොයලා දෙනකන් ඉන්නවා...

අපි අපි වගේ රුවන්මාලිගා, සැනකෙළියයි මායා, සුභා වැනි ටෙලිනාට්‍ය තුළින් අප හඳුනාගත් ප‍්‍රතිභා හෙට්ටිආරච්චි, ප‍්‍රවීණ රංගන ශිල්පි ගාමිණි හෙට්ටිආරච්චිගේ දියණියයි.

ගාමිණි හෙට්ටිආරච්චිගේ දියණිය ලෙස හෝ ප‍්‍රතිභා හෙට්ටිආරච්චි ලෙස බොහෝ දෙනෙක් ඇය හඳුනන්නේ නැති බව ඇයම පැවසුවද ඇගේ මුහුණ, ඇගේ රඟපෑම අප කාටත් මතකය. තම පළමු ටෙලිනාට්‍ය අතළොස්ස අතරදීම සම්මානනීය නිළියක් බවට පත්වීමට වාසනාව ලත් අවස්ථාවයි මේ.

ප‍්‍රතිභා ගාමිණි හෙට්ටිආරච්චිගේ දුව ලෙස හඳුනා ගන්නද ,ප‍්‍රතිභා හෙට්ටිආරච්චි ලෙස ම හඳුනා ගන්නද?
මම ප‍්‍රතිභා විදියටම හඳුනා ගන්නවා නම් කැමතියි. තාත්තාගේ දුව කියනවට අකමැති නිසා නෙමෙයි. මගේ කියලා ගමනක් යන්න ප‍්‍රතිභා හෙට්ටිආරච්චි තමයි අවශ්‍ය වෙන්නේ.

ඔබ පසුගිය රයිගම් ටෙලි සම්මාන උළෙලේ දී හොඳම සහය නිළියට හිමි සම්මානය දිනා ගත්තා.
ඔව්. මම ගොඩක් කැමැත්තෙන් සහ කැපවීමෙන් කළ චරිතයක් තමයි සැනකෙළියයි මායා ටෙලිනාට්‍යයේ වින්ඩිගේ චරිතය. මම ස්තූතිවන්ත වෙනවා එතනදී සහය දීපු හැමෝටම.

ඔබේ රංගන ජීවිතයේ ආරම්භය පාසල් වේදිකාව නේද?
ඇත්තටම ඔව්. මම ගියේ කොළඹ විශාකා විද්‍යාලයට. දෙමව්පියන්ගේ ඒතරම් කැමැත්තක් තිබුණේ නෑ මම රංගනයට පිවිසෙනවට. නමුත් අපි පාසලේ වේදිකා  නාට්‍ය නිර්මාණය කළා. ඒවයේ රඟපෑවා. එක අවස්ථාවකදී මම හොඳම නිළිය ඇතුළු සම්මාන පහක් දිනා ගත්තා. එතනදී තමයි අම්මලා මගේ රංගන හැකියාව හඳුනා ගත්තේ. ඒ කාලෙම එදිරිවීර සරත් චන්ද්‍රයන්ගේ නාට්‍යවලටත් සහභාගි වුණා. අම්මත් එක්කම එකම වේදිකා නාට්‍යවල රඟපාන්නත් ලැබුණා.

ඒත් අද ඔබ වෘත්තිමය වශයෙන් තොරතුරු තාක්ෂණ ගුරුවරියක්.
ඔව්. කලා කටයුතුවලට වගේම මම ගණිතය විෂයටත් ගොඩක් කැමතියි. උසස් පෙළට ගණිතය කළේ. දැන් මාලඹේ තොරතුරු තාක්ෂණ විiාලයේ තොරතුරු තාක්ෂණ ගුරුවරියක් ලෙස සේවය කරනවා.

හාත්පසින්ම වෙනස් විෂයක ගුරුවරියක් ලෙස ශිෂ්‍යන් සමඟ වැඩ කරද්දී මොනවද දැනෙන්නේ.?
මම ඒ විෂයටත් ගොඩක් කැමතියි. අවස්ථා දෙකේදී ඊට ගැළපෙන විදියට ඉන්නවා. අපි කැම්පස් එකේ කලා සංගමයක් පටන් ගත්තා. ඒ කටයුතු වලට මමත් මූලික වුණා. කලාව නිසා තොරතුරු තාක්ෂණය වැනි විෂයකින් මනස වෙහෙසකාරී වීම මගහැරී යනවා.

ඔබ කලාවට ද මුල් තැන දෙන්නේ අධ්‍යාපනයටද?
ඇත්තටම කලාවට ආසයි. නමුත් මම අධ්‍යාපනයට මුල් තැන දෙනවා. මේ වෙන කොට කටුබැද්ද විශ්වවිද්‍යාලයේ තවදුරටත් උසස් අධ්‍යාපනයෙන් හදාරමිනුයි ඉන්නේ.

කාර්යබහුල කෙනෙක් වුණත් ඔබ වේදිකා නාට්‍යවලත් සහභාගි වෙනවා. හිතෙන්නේ නැද්ද වේදිකා නාට්‍ය නිසා රටවටේ යනවට වඩා ටෙලි නිර්මාණයකට සහභාගි වෙලා ඉන්න එක හොඳයි කියලා.
වේදිකාව කියන්නේ අසීරු ජීවිතයක් තමයි. ඒත් ඒක රංග පාසලක්. කාලය කියන ප‍්‍රශ්නය නිසා තමයි මම වේදිකාවෙන් ටිකක් ඈත් වුණේ. ඒත් මම මේ දවස්වල කඳාවළලූ ටෙලි නාට්‍යයේ රගපානවා.

වේදිකාවෙන් එන රංගන ශිල්ප ශිල්පිනියන් සහ අනෙක් අය අතර වෙනසක් තියනවද?
පැහැදිලිවම ලොකු වෙනසක් තියනවා. වේදිකාවෙන් එන්නේ කට්ට කලා පිටපලාත්වලට ගියාම අපි ඉතාම දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ. ඒ නිසා හොඳ රංගන කුසලතාවයක් වගේම දුෂ්කරතා ඉවසා දරා ගැනීමේ ගුණයකුත් වේදිකාවෙන් එන අය ළඟ තියනවා. මම ටෙලි රඟපාන එක ලේසි කියලා කියනවා නෙමේ. ඒත් ටෙලියක දර්ශන තලයේදී මේ දෙපාර්ශවය අතර වෙනසක් මම දකිනවා.

ඔබ නිවේදන කලාව අතහැරියාද?
නෑ. කාර්යබහුලත්වය නිසා මට වෙලාවක් නැහැ. තොරතුරු තාක්ෂණ වැඩසටහනක් ඉදිරිපත් කරන්නත් එක් නාලිකාවකින් ආරාධනා ලැබුණා. ඒත් ඒ ගැන ටිකක් හිතන්න  ඕනේ.

ඇයි ඔබ රියැලටි වැඩ සටහන්වල දකින්න නැත්තේ.
මම ඒ සඳහා ආරාධනා කරලා  නෑ කවුරුත්. ආරාධනා කළත් සහභාගි වෙන්නෙත් නෑ.

මොනවද අනාගත බලාපොරොත්තු
අධ්‍යාපනය වගේම කලාව පැත්තෙනුත් ඉදිරියට යන එක තමයි බලාපොරොත්තුව.

ඔබ ආදර වන්තියක්ද?
තවම නෑ. වෙලා ඉදලත් නෑ. මම සහකරුවෙක් හොයන වැඬේ දෙමාපියන්ට බාර දීලා ඉන්නේ.



.

http://1.bp.blogspot.com/-HjDoxip_g0I/TaKT05q_Z1I/AAAAAAAAEUY/7nDLdGztW3U/s1600/51365307czdsv-e.jpg
http://4.bp.blogspot.com/-0SjEgm-4ULM/TaKT3m6rgII/AAAAAAAAEUg/-mNhpLtHJgc/s1600/1185412244me1.jpg
http://4.bp.blogspot.com/-NDyvprcaD98/TaKT4_MPfYI/AAAAAAAAEUk/7S1_EwBQVB8/s1600/4123175464652_491071277344_536337344_6702654_1532172_n.jpg
http://3.bp.blogspot.com/-AMXX-j5tvLk/TaKT8WxQHZI/AAAAAAAAEUs/66N63QYOfE8/s1600/145971908111111111.jpgSexy Sri lankan wallpapers free download

 
Related Posts with Thumbnails