Ads 468x60px

.

විමල් විරවංශගේ වෙබ් අඩවිය විසින් මිත්‍යාව වැපිරීම...

විචාරශීලි බුද්ධිය නැති මෝඩ ජනතාව රැවටීම...
මෙවැනි පුවත් සිංහල පත්‍ර වල මිසක ඉංග්‍රීසි පත්‍ර වල පළ නොවේ.

ලංකාවේ සිංහල පුවත් පත් වල නිතරම, එලොවින් ආ ජීවකයන් , වකුගඩු රෝග දේව බලයෙන් සුව කරන්නන්,විශ්ව බලය යොදා රෝග සනීප කිරීම, පිළිකා නිට්ටාවට සුව කරන්නන් පිළිබඳව නිතරම පුවත් පල වේ. 


මෙම පුවත් විචාරශීලි බුද්ධිය නැති මෝඩ ජනතාව රැවටීම සඳහා වරින් වර කපටීන් විසින් කුලී මාධ්‍යවේදීන් යොදාගෙන කරනු ලබන්නකි. කාලයකට ඉහතදී නන්දසේන සුරියආරච්චි නම් මාධ්‍යවේදියා ඉරිදා ලංකාදීප පුවත්පත හරහා  කැලුම් වීරසිංහ නම් හොර සල්ලි පලහිලව්වකට ඉන්දියාවේ ද සිරගතව සිටි වංචනිකයා එලොවින් ආ ජීවකයෙකු බවට හඳුන්වා දෙමින් ලිපි පෙළක් පළ කළේය. 

මේ සඳහා එලොවින් ආ ජීවකයා විසින් නන්දසේන සුරියආරච්චිට එක ලිපියකට රුපියල් 10,000 බැගින් ගෙවනු ලැබූ බව වාර්තා වේ. මේ ලිපි කියව්වූ නුගත් මිනිසුන් හොරුන් පසු පස ගොස් අතේ තිබෙන තුට්ටු දෙකද නැති කර ගත්හ. මෙවැනි පුවත් සිංහල පත්‍ර වල මිසක ඉංග්‍රීසි පත්‍ර වල පළ නොවේ. ඒ මන්ද යත් ඉංග්‍රීසි පාඨකයා බුද්ධිමත් බවට තක්සේරුවක් තිබෙන නිසාය. 

මිට පෙරද මහාචාර්ය නලින් ද සිල්වා රජරට වකුගඩු රෝගීන් රහස් කෙම් මගින් සුව කල බවට ඉරිදා දිවයින පුවත්පතෙන් කියනු ලැබිය. එම රෝගීන්ගේ රෝග නිර්ණායක පෝර්ම සහ වර්තමානයේදී රෝගය නිට්ටාවටම සුවවී ඇති බවට සනාථ කෙරෙන වෛද්‍ය ලිපි ඉදිරිපත් කරන ලෙසට අප මහාචාර්ය නලින් ද සිල්වාට අභියෝග කළෙමු. 

නමුත් මේ දක්වා එතුමා තුන්ඩු කෑල්ලක් වත් ඉදිරිපත් කොට නොමැත .  මේ නිසා අප මහාචාර්ය නලින් ද සිල්වා ගේ ප්‍රකාශ සීරියස් ලෙස ගණන් ගන්නේ නැත. නමුත් මිනිසුන් මුලාවේ දැමීම සඳහා වියාපාර අභිලාෂයෙන් මාධ්‍යවේදීන් මගඩිකරුවන් සමග එකට එක් වී කරන සෙල්ලම භයානකය. 

මේ නිසා මිනිසුන් මුලාවේ වැටී තමන්ගේ රෝගීන්ට නියම ප්‍රතිකාර ලබා දීම වෙනුවට බොරුව පසුපස දුවමින් රෝගීන්ගේ ජිවිත මාරාන්තික තත්වයන්ට පත් කර ගනිති. එසේම කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව සහ විද්‍යාගාර පරීක්ෂණ වලින් බැහැරව යම්කිසි රෝගයක් සඳහා ඖෂධයක් ප‍්‍රත්‍යක්‍ෂ බව කීම සැබවින්ම සදාචාර විරෝධී ක්‍රියාවකි. සත්‍ය වෛද්‍යවරයෙකු  එවැනි ලාමක වැඩ කරන්නේ නැත.


පිළිකා නිට්ටාවට සුව කරන දේශීය ඖෂධයක් නිපදවා ඇති බවට  විමල් විරවංශගේ Lanka C News. වෙබ් අඩවිය විසින් මිත්‍යාව වපුරන පුවතක් පළ කොට තිබේ. මෙන්න එම පුවත



අත් දුටුවයි.. ප‍්‍රත්‍යක්‍ෂයි… පිළිකා නිට්ටාවට සුව කරන දේශීය ඖෂධයක් නිපදවේ July 25, 2012 at 3:22 pm | Lanka C News. 


පාරම්පරික දේශීය වෛද්‍යවරයෙකු වන මහනාම ඒ. හපුගොඩ මහතා විසින් පිළිකා රෝගය නිට්ටාවටම සුවකර ගත හැකි නව ඖෂධයක් නිපදවා තිබේ‍. වෛද්‍ය මහනාම මහතා පෙන්වා දෙන්නේ එම පිළිකා මර්ධන ඖෂධය තුළින් පිළිකාවට ලක්ව ඇති රෝගීන් මාස තුනක් වැනි කෙටි කලකදී රෝග තත්ත්වය නිට්ටාවටම සුවපත් කළ හැකි බවයි.  

මේ ඖෂධය පුරාණ පුස්කොළ පොතක් ඇසුරෙන් දේශීය ඖෂධ දෙසීයක් හා තවත් ‍වත්පිළිවෙත් අනුව නිෂ්පාදනය කරන බව පැවති විශේෂ මාධ්‍ය හමුවකදී වෛද්‍ය මහනාම මහතා අනාවරණය කළේය.  විවිධ වර්ගයේ පිළිකා රෝගයන්ගෙන් පීඩා විදී රෝගීන් කිහිප දෙනෙකු වෛද්‍ය මහනාම මහතාගෙන් ප්‍රතිකාර ලබා ගත් බවත් ඉන් පසු තමන් සුවපත් වූ බවත් ස්කෑන් පරීක්ෂණ හා වෛද්‍ය වාර්තා ඇසුරෙන් අණාවරනය කලේය.



- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails