Ads 468x60px

.

තිස්‌ස කරල්ලියද්දට වයර් මාරුවෙලා...

මනස විකෘති කරවන ටෙලි නාට්‍ය ඇතුළු විවිධ රූපවාහිනි වැඩසටහන්, අන්තර්ජාල හා ජංගම දුරකථන භාවිතයෙන්   ළමා අපයෝජන වැඩිවී ඇතැයි   ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්‌ස කරල්ලියද්ද මහතා පවසයි. 

අමාත්‍ය තිස්‌ස කරල්ලියද්ද පවසන අන්දමට  අන්තර්ජාලය යනු කුනුහර්පයකි.  අන්තර්ජාලය නිසා මිනිසුන් ළමා අපයෝජනය කරති. 


මේ අනුව අන්තර්ජාල භාවිතය ගැන ලංකාවේ අමාත්‍යවරයෙකු වන  තිස්‌ස කරල්ලියද්ද තුල තිබෙන අවබෝධය  ගමේ අගෝනිස් අයියාගේ අවබෝධයට වඩා වැඩි නැති බව අපට පෙනී යයි. අන්තර්ජාලය යනු වර්තමාන ලෝකයේ දැනුම මානව සම්බඳතා හා  විශ්ව ගම්මානය එක් කරන මෙවලමකි.

එසේම සමාජ සංවර්ධනය ,  දුෂණ හෙලිකිරීම , සමාජ යුක්තිය ස්ථාපිත කිරීම සඳහා වර්තමානයේ අන්තර්ජාලය වැදගත් ක්‍රියාවලියක් සිදු කරයි. සාක්ෂරතාවය ඇති මධ්‍යම පාන්තික ශ්‍රී   ලංකික චන්දදායකයා සදාකාලික මෝහයේ සහ නුගත්කමේ තබා ගැනීමට දේශපාලකයන්ට නොහැකි වී තිබෙන්නේ අන්තර්ජාලය මගින් මිනිසුන් ලබන   සමාජමය දැනුම නිසාය. මේ නිසා අන්තර්ජාලය බලලෝභී නුගත් හොරකම්  කරන දේශපාලකයාගේ සතුරෙකි.

දකුණු පළාතේ ළමා හා ස්ත්‍රී දුෂණ  සිදු කල නිල්  බලකායේ  හෙන්චයියන් වන අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති සුනිල් මාරගොඩ  නොහොත් සාරුව ලියනගේ සුනිල්  , තංගල්ල සංධානයේ නාගරික මන්ත‍්‍රී අංජන ලියනගේ,   තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ , ජුලම්පිටිය අමරේ යන මැරයන් සමාජ දුෂණ ක්‍රියා කලේ අන්තර්ජාලය නිසාද ? 


මොවුන්ට යටත් පිරිසෙන්  ඊමේල් අංකයක්වත් නැති බව අපට විශ්වාසය. නමුත්  මොවුන් අත්අඩංගුවට පත් වුයේ ජාතික පුවත්පත් කසාය බීගත් ගොළුවන් මෙන් හැසිරෙනවිට අන්තර්ජාලය මගින් වෙබ් අඩවි මගින් කල දැනුවත්කිරීම් නිසාය.

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails