Ads 468x60px

.

මර්වින්ගෙන් හංසිකාට මාස්‌පතා මුදලින් උදව්...

ඇමැතිවරයා අපේ දුක සැප බලා මගේ ඉගෙනීමටත් ක්‍රීඩා කටයුතු වලටත් උදව් කරනවා...

මට ලොකු සතුටක්‌ දැනෙනවා...හංසිකා

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 සහය දිවීමේ තරගයෙන් රිදී පදක්‌කම දිනාගත් කැලණියේ ගුරුකුල විද්‍යාලයේ ඩී. පී. හංසිකා (19) ශිෂ්‍යාවගේ අධ්‍යාපනය සහ ක්‍රීඩා කටයුතු සඳහා ඇයට මාස්‌පතා මුදලින් උදව් කිරීමට මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා ඊයේ (12 ) පොරොන්දු වී ඇත.


කැලණියේ සිංහාරමුල්ලේ ජයන්ති මාවතේ පදිංචි මෙම දියණිය පදිංචි කුඩා නිවසට ගිය ඇමැතිවරයා ඇගේ  දක්ෂතාවයන් අගයකර ඇත.එහිදී දැරිය ඇමතිවරයාට මෙසේ පවසා ඇත.

''පුංචි වැස්‌සටත් අපේ ගේ යටවෙනවා. අපේ ගේ දණහිසට වෙනතුරු වතුරෙන් යට වුණාම අපි මේ ගෙදර දාල යනවා. වතුර හිඳුනාම ආයෙත් ගෙදරට එනවා."

ඇමැතිවරයා අපේ දුක සැප බලා මගේ ඉගෙනීමටත් ක්‍රීඩා කටයුතු වලටත් උදව් කිරීමට පොරොන්දු වීම ගැන මට ලොකු සතුටක්‌ දැනෙනවා. මට මල්ලි කෙනෙක්‌ ඉන්නවා. මගේ තාත්තා ත්‍රිවිලරයක්‌ පදවනවා. මම මලල ක්‍රීඩා තරගයෙන් ජයග්‍රහණය කිරීම ගැන අම්මටත් තාත්තටත් මල්ලීටත් ලොකු සතුටක්‌ ඇති වෙනවා.

ගුරුකුල මහ විදුහලේ විදුහල්පති අනිල් ගීතලාල් අබේගුණවර්ධන මහතාටත් මගේ ක්‍රීඩා උපදේශක උපුල් විඡේසිංහ මහතාටත් පාසලේ ගුරු මණ්‌ඩලයටත් මම අවංකව ස්‌තුති කරනවා.''

මර්වින් සිල්වා ඇමැතිවරයා සමග කැලණියේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා වන තිලක්‌ වීරසිංහ, හිෂාන්ත අතුකෝරල යන මහත්වරුද කැලණිය කාන්තා සංවිධානයේ දමයන්ති පෙරේරා මහත්මියද සහභාගි වී ඇත.
 
Related Posts with Thumbnails