Ads 468x60px

.

ඔබට චන්න පෙරේරා හමුවුණේ නැත්නම්, එහෙනම් මම පාඩුවේ ඉදීවි - ගයාත්‍රි

හැමෝම ගයාත්‍රි ඩයස් කියලා හඳුනාගන්න ඔබ ඇත්තටම ගයාත්‍රි ඩයස් නොවුණානම් ?
එහෙනම් මම මදර් තෙරේසා වෙනවා.


ඇයි ගයාත්‍රි මදර් තෙරේසා වෙන්නේ ?
ඇය තරම් මුළු ලෝකයටම ආදරය කළ හැම මනුස්සයකුටම දයාව අනුකම්පාව දැක්වූ ගැහැණියක් මම තවත් දැකලා නැහැ. ඒකයි.



ඔබ ශ්‍රී ලාංකිකයෙන් වුණේ නැත්තම් ?
අනිවාර්යයෙන්ම ඉතාලි ජාතිකයෙක් වේවි.


සිංහලයෙක් නොවුණානම් ?
අපිට ළඟම රට ඉන්දියාව වුණු එකේ මම ඉන්දියානුවෙක්වත් වෙනවා ඉතිං.


ගයාත්‍රි බෞද්ධයෙක් වුණේ නැතිනම් ?
මම කොහොම හරි ඒත් බෞද්ධයෙන්ම වෙනවා.


ඇයි ඒ ?
මම මගේ ආගමට ඒ තරම්ම ආදරේයි. ඒනිසා ඒකට මගේ සෙකන්ඩ් ඔප්ෂන් නැහැ.


ඔබ දකුණේ වුණේ නැත්නම් ?
මං ආසයි නුවර පැත්තේ ඉපදෙන්න .


මාතර ඉපඳුන ගයාත්‍රි කොළඹට ආවේ නැත්නම් ?
එහෙනම් මම අදටත් මාතරට වෙලා ජීවත් වෙන අප්‍රසිද්ධ කෙනෙක් වෙයි.


ගයාත්‍රි නිළියක් වුණේ නැත්නම් ?
මගේම කියලා මොනවා හරි බිස්නස් එකක් කරගෙන ඉදිරියට යන ධෛර්යවන්ත ගැහැණියක් වෙනවා.


ගයාත්‍රි ජනප්‍රිය නොවුණානම් ?
එහෙනම් මට මිනිස්සු ආදරය කරන එකක් නැහැ. එතකොට මට නිළියක් විඳිහට පැවැත්මකුත් නැති වෙයි.


ඔබ තමන්ගේ වයසට වඩා වැඩිමහළු චරිත රඟපෑවේ නැතිනම් ?
හැමදාමත් මට කෙල්ලගේ චරිතම කරන්න වෙද්දී මට ඒ වගේ කැරැක්ටර් කරන්න පුළුවන් කියලා කවුරුත් නොදැන ඉඳීවි.


ගයාත්‍රි පබළු ටෙලි නාට්‍යයේ තේනුවරගේ බිරිඳ නොවුණානම් ?
එහෙනම් මම කැමතියි . නයනා අක්කා කළ ක්රැක්ටර් එක රඟපාන්න .


මේ ක්ෂේත්‍ර යේ නයනා කුමාරි ඔබේ හොඳම යෙහෙළිය වුණේ නැත්නම් ?
මම කොහොමහරි එයාව බලෙන් හරි යාළු කර ගන්නවා.


එදා මකර විජිතය රූගත කරද්දී ඔබට චන්න පෙරේරා හමුවුණේ නැත්නම් ?
එහෙනම් මම පාඩුවේ මකර විජිතයේ ෂුටින් ටික ඉවර වෙලා ඉදීවි.


චන්න පෙරේරා ඔබේ සැමියා නොවුණානම් ?
චන්න වෙන කාගේ හරි කෙනෙක්ගේ ස්වාමිපුරුෂයෙක් වෙයි.


ඔබේ සැමියා නළුවෙක් නොවුණානම් ?
අනිවාර්යයෙන්ම එයා ත්‍රිවිධ හමුදාවේ කෙනෙක් වෙයි.


ඇයි ඒ ?
මම ඉස්සර ඉදන්ම ඔවුන්ට හරිම කැමතියි. මගේ ලෝකේ ලොකුම වීරයෝ වුණේ ඔවුන්. සුදු යුනිෆෝම් එක ඇඳපු නාවිත සෙබළුන්ට මම ගොඩක් ආදරය කළා. ගරු කළා.


ගයාත්‍රි විවාහ නොවී සිටියානම් ?
තවමත් තනිකඩ වෙලා ඉඳීවි .


ගයාත්‍රිට සුන්දර රූපයක් නොතිබුණානම් ?
මට කාගෙවත් ආකර්ෂණයක් නොලැබේවි.


ගයාත්‍රි -චන්න දික්කසාද වෙන්න යනවා කියලා කට කතාවක් හැඳුනේ නැත්නම් ?
එහෙනම් ඉතිං අපි දෙන්නා ජනප්‍රිය චරිත වෙන එකක් නැහැ.


ඔබේ කටහඩ අනෙක් නිළියන්ට වඩා වෙනස් වුණේ නැතිනම්?
මේ කට හඬ නිසා ගොඩක් දෙනෙක් මාව අඳුනාගත්තේ. එහෙම වුණොත් මමත් සාමාන්‍යය වොයිස් එකක් තියෙන් කෙනෙක් තමයි.


ඔබ රූපලාවන්‍යය ශිල්පිණියක් නොවුණානම් ?
හොඳ නිළියක් වෙනවා අනිවාර්යයි .


ඔබ මේ යුගයේ නොඉපදුණානම් ?
60 දශකයේ ඉපදෙනවා .


ගයාත්‍රි මනුෂ්‍යයෙක් නොවුණානම් ?
මනුෂ්‍යයෙක් නොවුණොත් ... කිසිම අනාරක්ෂිත ආත්මයක් ලබන්න නම් මම කැමති නෑ. එතැනින් එහාට මම දන්නෙත් නැහැ.
 
Related Posts with Thumbnails