Ads 468x60px

.

වෙලේ බැඳිය යුතු මී හරක් උසස් අධ්‍යාපනයට අත දැමීම...

මුදල් වලට ආචාර්ය උපාධි ලබාගෙන රට හිනස්සනවා...

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රශ්නය විසඳීම සඳහා කැමති බව මර්වින් සිල්වා මැදිහත් වන්නට කැමති බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයට දැනුම් දී ඇත.


යන්තම් පහ වසරට ඉස්කෝලේ ගිය  ගීතාංජන මෙන්ඩිස් වැනි කූට උගතුන්ගේ නිත්‍යානුකුල නොවන ආයතන වලින් මුදල් වලට ආචාර්ය උපාධි ලබාගත් රට හිනස්සන මනප්පුවෙකු උසස් අධ්‍යාපනයට අත දැමීම ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ පිරිහීම කදිමට පෙන්වයි. 

ඉතියෝපියාව , උගන්ඩාව වැනි අසාර්ථක රාජ්‍යයන් වල විශ්ව විද්‍යාලවලටත් වඩා අධ්‍යාපනික ගුණාත්මකභාවය පහත වැටී තිබෙන ලංකාවේ විශ්ව විද්‍යාල දැන් පහ පාස් බාස් ආචාර්ය කෙනෙකු මැදිහත්කරුවෙකු වීමට පැමිණීම දක්වා පීචන් වී තිබේ. මෙවැනි පීචන් වීමට හේතු කීම?

සත්‍ය වශයෙන් බලන විට අද ලංකාවේ විශ්ව විද්‍යාලවල උගතුන් නැත. අන්තර්ජාතිකව පිළිගැනීමකට ලක් වී තිබෙන උගතෙකු ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පද්දතිය තුලින් සොයා ගැනීම කළුනික සෙවීමකි. 


තමන් බුද්ධිමතුන් යැයි සිතන ආචාර්ය මහාචාර්යවරු බොහොමයක් විදේශීය  විශ්ව විද්‍යාල වල රැකියා අවස්ථාවක් ලබා ගැනීමට නොහැකි වූ වනපොත් කිරීම තුලින් විභාග සමත් වී කිසිම නිර්මාණශිලිතාවක් නව දැක්මක් නැති අනුන් සමග සහ තමන් සමග තරහවී සිටින කුහක ඉර්ෂියාව සහ ආත්මාර්ථය මත කටයුතු කරන පිරිසකි. 

සරසවි ආචාර්යවරුන්ගේ සටන හුදු වැටුප් සටනක් පමණක් නොවේ. මෙය තමන්ගේ පැවැත්ම පිළිබඳවද සටනකි. උදාහරණයක් ලෙස පුද්ගලික විශ්ව විද්‍යාල ලංකාවේ අධ්‍යාපන පද්දතියට ඒම ගැන මේ පිරිස් බිය වන්නේ පුද්ගලික විශ්ව විද්‍යාල ඇතිවීම මගින් සිදුවන දැනුම ප්‍රසරණයේදී සහ වඩාත් විද්වත් පිරිස් ඒම විශ්ව විද්‍යාල කරා ඇදී ඒම මගින් තමන්ගේ දැනුමේ පුස්ස සහ හිස් බව රටට එළිවන නිසාය. 

නමුත්  නිදහස්  අධ්‍යාපනය වෙනුවෙන් මොවුන්  පණ දීමට කතා කරති. එහෙත් යම් දිනක ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල ඇති වුවහොත් තම දුවා දරුවන් එම විශ්ව විද්‍යාල වලට ඇතුල් කිරීමට මුලින්ම දිව එන්නේ මේ පිරිසය. ලංකාවේ විශ්ව විද්‍යාල ගුණාත්මක භාවය ඉහල නැග්වීමට ගෙන ඒමට මේ පිරිස් කිසිදු එලදායි දෙයක් මේ දක්වා සිදු කොට  නැත.

සරසවි වල පවතින නවක වදය වැනි දරුණු මානව හිමිකම් උල්ලංඝනයට තිත තැබීමටවත් මේ උගත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට හැකි වී නැත. නමුත් ජනමාධ්‍ය වලින් කතා කරන්නේ මානව හිමිකම් මානව සාරාර්ථ ගැනය. 

මොවුන් ද ගුණාත්මකභාවය මෙන්ම සදාචාරාත්මක බවින්ද පහල වැටී සිටින ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල  නමැති  මඩ ගොහොරුවේ නිෂ්පාදනයන් නිසා විශ්ව විද්‍යාල අර්බුධය නිම කිරීම වෙනුවට කරන්නේ එය තවත් අර්බුධ කරා රැගෙන යාමයි. 

මේ නිසා අද රටේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කෙරෙහි ඇති ගරුත්වය සහ විශ්වාසය බිඳ වැටී තිබේ. එවැනි යුගයක වෙලේ බැඳිය යුතු මී හරක්  විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රශ්නය විසඳීම සඳහා මැදිහත්වීම ගැන අප පුදුමයට පත් විය යුතු නැත.  

- අමිල ගුණරත්න 
 
Related Posts with Thumbnails