Ads 468x60px

.

මුල්ලේරියාවේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මට මොනවත් මතක නෑ - දුමින්ද

කොළොන්නාව ප්‍රදේශයේ සංචාරයක නිරත වූනා...
ඊට පස්සේ ඇඳක් උඩ ඉන්නවා මතකයි...

හාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයට සැක කරුවකු වන දුමින්ද සිල්වා මේ වන විට සිංගප්පූරුවේ "ද මවුන්ට් එලිසබෙත්" රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

නමුත් මෙම මුල්ලේරියාවේදී ඇති වූ සිද්ධිය සම්බන්
යෙන් වන නඩුව තව දුරටත් විභාග වෙමින් පවතින අතර දුමින්ද සිල්වා ව අත් අඩංගුවට ගැනීමට වරෙන්තු අවශ්‍ය නැති උවද තවමත් ඔහුව අත් අඩංගුවට ගැණුනේ නැහැ.



ඒ සම්බන්ධ නඩුවේ දී රහස් පොලීසිය විසින් දුමින්ද සිල්වා රහස් පොලීසියට කල ප්‍රකාශයක් පිළිබඳව මහේස්ත්‍රාත් අධිකරණයට දැණුම් දුන්නා.
එහිදී රහස් පොලීසිය විසින් මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැණුම් දුන්නේ මුල්ලේරියාවේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ඳයෙන් කිසිදු මතකයක් ඔහුට නැති බව දුමින්ද සිල්වා විසින් සිංගප්පුරුවේ සිට රහස් පොලීසියට පැවසූ බවයි.


භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පුද්ගලයින් 4 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට කිසිදු මතකයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙමින් මෙසේ පවසා තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවේ දුමින්ද සිල්වා මහතාගේ මෙම ප්‍රකාශය අද ඉදිරිපත් කරනු ලැබීය.දුමින්ද සිල්වා මහතා පවසා ඇත්තේ මෙම සිදුවිම සිදුවූයේ කොතැනක ද, කුමන වේලාවක ද යන්න පිළිබඳ කිසිදු මතකයක් තමන්ට නොමැති බවයි.

ආරක්ෂක රැකවලුන් සමග තමන් කොළොන්නාව ප්‍රදේශයේ සංචාරයක නිරත වූ බවත් අනතුරුව ඇඳක් මත සිටින බවත් තම මතකයේ ඇති බව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින්ට පවසා තිබේ.ඉන් අනතුරුව අසල සිටි තම මවගෙන් තමා සිටින්නේ කොහිදැයි විමසු විට අනතුරකට ලක්ව රෝහලක ප්‍රතිකාර ලබන බව ඇය තමන්ට පැවසු බව ද දුමින්ද සිල්වා මහතා සිය ප්‍රකාශයෙන් පවසා ඇත.

ඉන් දින කිහිපයකට පසුව වෛද්‍යවරියක පැමිණ තම නලළෙහි සහ හිසෙහි තුවාල සිදුව ඇති බව පැවසු බව දුමින්ද සිල්වා මහතා මෙම ප්‍රකාශයෙන් පැහැදිලි කර තිබේ.මෙම ප්‍රකාශය ලබාගෙන ඇත්තේ අදාළ ඝාතන සිද්ධිය සිදුවී මාස 9 කට පසුවයි.පසුගිය 22 වැනිදා සිංගප්පුරුවේ මවුන්ට් එළිසබත් රෝහලේදී මෙම ප්‍රකාශය ලබාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පවසා  ඇත.

මේ අතර දුමින්ද සිල්වා මහතා සහ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියේ මෙම ප්‍රකාශයත් සමග නීතිපතිවරයාට පරීක්ෂණ සම්බ්න්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ලැබෙන බවයි.

ඒ අනුව ලබන මස 7 වැනිදා මහේස්ත්‍රාත් පරීක්ෂණය යලි කැඳවීමට තීරණය කළ අතර එම දිනය දක්වා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 18 දෙනා යළි බන්ධනාගාරගත කිරීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
 
Related Posts with Thumbnails