Ads 468x60px

.

ඇමරිකානු ඩොලර් මිලියන 100 ක් වැය කල එස්.එල්.පී.එල් තරගාවලිය

තරගාවලියෙන් දේශීය ක්‍රීඩකයින් ට හිමිවන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 1 දශම 05 ක් විතරලු...

රටේ ජීවන වියදම අධික ලෙස ඉහළ ගොසින් පොදු ජනතාවට එදිනෙදා වේල පිරිමසාගත නොහැකි තත්වයක හා තම පඩිපතට සරිලන වැටුපක් ඉල්ලා කෑ මොර දෙන සේවක උද්ඝෝෂණවලට බැටන් ප්‍රහාර මගින් පිළිතුරු දෙමින්ද, විවිධ වූ ව්‍යාපෘති මවා පාමින් මහා පරිමාණයේ මුදල් යටිමඩි ගසමින්ද, ඉදිරි පර්ම්පරාවන්ද ඇපයට තබා විශාල වූ ණය බරක් පටවමින්ද, සුළු ව්‍යවසායකයින් මරණ මංචකකයේ තබමින් හා මෙකී නොකී ප්‍රශ්න රැසක් අභිමුඛව නිස්සාර දේවල් වෙනුවෙන් අත දිග හැර විය පැහැදම් කරමින් රාත්‍රී සමාජශාලාවල බාල් නටන මෙවන් ඓශ්චර්යමත් රටක් තවත් වේදැයි මොහොතකට හෝ සිතුනොත් එය පුදුමයක්ද?

(පෙර පින් රැස් කර ගත්තෝ ඒ පින් මහිමයෙන් දැන් සැප ලබන්නාහ. සමස්ථ පව් කාරයෝ හෝ පෙර පින් නැත්තෝ විසින් ඒවාට ඊර්ෂ්‍යා නොකර ඉදිරි බවයන් හෝ සැප ලැබීම පිණිස බඩට පටි තද කර ගෙන හෝ පින් රැස්කල යුතු මනාය. )


එය කෙසේ වෙතත් එස්.එල්.පී.එල් තරගාවලිය සදහා ඇමරිකානු ඩොලර් මිලියන 100 ක් වැය කිරීමට සංවිධායකයින් තීරණය කලේය. ඒ සමාරම්භක තරගාවලිය අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වීම සදහාය. තරගාවලියෙන් දේශීය ක්‍රීඩකයින්ට හිමිවන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 1 දශම 05 ක් පමණි.


ක්‍රිකට් ආයතනය පැවසුවේ තරගාවලිය පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සැපයීම පමණක් තමන් සිදුකරන බවත්, මෙම තරගාවලිය සදහා තම ආයතනය කිසිදු වියදමක් නොදරන බවකි.


අයි. පී. එල්. තරගාවලිය තුළදී සෑම තරගයක්‌ අවසානයේ අලුයම දක්‌වා ප්‍රිය සම්භාෂන උත්සවයන් පැවැත්වෙනවා සේම, එස්‌. එල්. පී. එල්. තරගාවලියේදීත් ඒ ඒ කණ්‌ඩායම් හිමිකරුවන් විසින් කොළඹ තරු පහේ හෝටල් කේන්ද්‍ර කරගනිමින් මැදියම් රැය පහන්වනතුරු ප්‍රිය සම්භාෂණ සංවිධානය කරනු ලබන බවත් ඒ සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ නිළියන්ද සහභාගිවීම විශේෂත්වයක්‌ ගෙන තිබෙන බවටත් කරුණු අනාවරණය වේ.

කොළඹදී පැවැති අවසන් තරගය වූ පසුගිය අඟහරුවාදා පැවැති තරගයෙන් අනතුරුව උතුරු රුද්‍රාස්‌ කණ්‌ඩායමේ ප්‍රිය සම්භාෂණ උත්සවයක්‌ කොළඹ ටාඡ් හෝටලයේදී පවත්වා තිබෙන අතර එයට ප්‍රසිද්ධ සිනමා හා ටෙලිනාට්‍ය නිළියන් මෙන්ම නිරූපිකාවන් 10 දෙනෙකුට අධික පිරිසක්‌ සහභාගි වී තිබේ. 


එහිදී ඔවුන් එළිවනතුරුම ක්‍රීඩකයන් සමග ගී ගයමින්, නටමින්, කමින්, බොමින් සිටි බව සඳහන් වේ. මෙම ප්‍රිය සම්භාෂණ සඳහා සහභාගිවීමට ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ එක්‌තරා නිලධාරී සහ නිලධාරිනියන් පිරිසක්‌ද දැන් පුරුද්දක්‌ කරගෙන තිබෙන බවද සඳහන් වේ.

සාමාන්‍ය ජනතාව හුළං බොමින් රැය පහන් තරන අතර, ශ්‍රී ලාංකීය සංගීතයේ  දේශීය ලකුණ ලෙස පෙනී සිටින භාතිය ශන්තුෂ්ලා සමගින් "නන්නානේ... නා...... නන.. නා....නා....." ගයමින් හා නටමින්ද, මතින් තොර නොවූද, උඩුකය ඇඳුම් පහළට වැටෙන හා රූ සපුව මනා ලෙස පෙනෙන කිටි කිටියේ තදවුනු ඇඳුමින් සැරසුන නිරූපිකාවන් හා  ටෙලි නිලියන්ගෙන් සමන්විත රාත්‍රියන් කෙතරම් ඓශ්චර්යමත්ද? 


ලෝක ප්‍රසිද්ධ බ්‍රයන් ලාරා වැනි ක්‍රීඩකයන් සමග ෆන් එකක් ගැනීම කෙතරම් ඓශ්චර්යක්ද? අපචාරවලටත් අනියමින් මග පෙන්වන මෙවන් රාත්‍රීයන් තව තවත් අප රටට ඓශ්චර්යයකි.

කෙසේ වෙතත්, ඉන්දීය ක්‍රීඩක රාහුල් ෂර්මා සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඇල්බි මෝකල් දෙදෙනාද මත්ද්‍රව්‍ය ලබාගත්තේ යෑයි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔවුන් එසේ මත්ද්‍රව්‍ය ලබා ගෙන ඇත්තේ අයි. පී. එල්. තරගාවලිය තුළදී පැවැති මෙවැනිම ප්‍රිය සම්භාෂනයකදීය. 


 
Related Posts with Thumbnails