Ads 468x60px

.

ශාන්, චන්දිම සාරියක හා යට ඇඳුමක පැටලී ද්වන්ධ සටනක...

මවුවරුන්ට සාරි විතරක් නෙවෙයි , යට ඇඳුම් උනත් බෙදල දෙන්න පුළුවන්...

හැකිනම් යට ඇඳුම් බෙදාදුන්නද මගේ විරුද්ධත්වයක් නෑ... 

දකුණු පළාත් සභා ප‍්‍රධාන ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතා සහ නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා සාරියක හා යට ඇඳුමක පැටලී දේශපාලන වේදිකාවල එකිනෙකාට පහර එල්ලකර ගැනීමේ ද්වන්ධ සටනක යෙදී සිටිති. 

මේ සටනට මුල පිරී ඇත්තේ
ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේදී පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයට හැකිනම් මවුවරුන්ට සාරි පමණක් නොව යට ඇඳුම්ද බෙදාදීමට හැකියාව ඇති බවට නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා කළ ප‍්‍රකාශයකි.

එම ප‍්‍රකාශයට පිළිතුරක් දෙමින් ප‍්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා පවසන්නේ මවු සෞඛ්‍ය සමාජ ජනතාව අතරට ගෙනයෑම සඳහා මවුවරුන්ට පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ සාරි බෙදාදෙනු ලබන අතර චන්දිම වීරක්කොඩි මහතා මවුවරුන්ට යට ඇඳුම් බෙදාදීමට උනන්දුවක් දක්වන්නේ නම් එය ඔහුට කළ හැකි බව ප‍්‍රධාන අමාත්‍යවරයා දිනපතා පුවත්පතකට ප්‍රකාශක් ලබා‍දෙමින් පවසා ඇත.


පසුගියදා ඉමදුව සෞඛ්‍යය වෛද්‍ය කාර්යාලය විවෘත කරන අවස්ථාවේ චන්දිම වීරක්කොඩි විසින් "මවුවරුන්ට සාරි විතරක් නෙවෙයි , යට ඇඳුම් උනත් බෙදල දෙන්න පුළුවන්" යනුවෙන් පවසා ඇත.

මෙයට පිළිතුරු වශයෙන් ශාන් විජයලාල් පුවත්පතකට පවසා තිබුනේ "මවු සෞඛ්‍යය සමාජ" ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් මෙලෙස සාරි හා හැට්ට බෙදා දෙන බවත්, නියෝජ්‍ය කතානායකතුමා මෙම කතාව කලේ තමා ඉදිරිපිටදී බවත්ය.

නියෝජ්‍ය කතානායකතුමා මවුවරු කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන බවක් පෙනී යන බවත් එහෙයින් එතුමාට හැකිනම් යට ඇඳුම් බෙදාදුන්නද මහ ඇමතිවරයාගේ විරුද්ධත්වයක් නොමැති බව එහි එහි වැඩි දුරටත් පවසා තිබුණි.
 
Related Posts with Thumbnails