Ads 468x60px

.

ක්ලියෝපැට්රා රාත‍‍්‍රී සමාජ ශාලාවට නයෙක් ගෙනා තරුණියගේ ඇගපුරා නයා සපා කෑ සලකුණු...

නයා රූමතියව විටින් විට හපා කාලාලු...

ඇයත් එම සමාජ ශාලාවේම සේවිකාවක් ලු...

නයාව අරන් තියෙන්නේ රු: 30,000 කටලු...

කොල්ලූ‍පිටියේ ක්ලියෝපැට්රා රාත‍‍්‍රී සමාජ ශාලාවට නයෙකු ගෙනවිත් රංගනයේ යෙදුනු බව කියන රූමත් තරුණියගේ ඇගපුරා නයා සපාකන ලද සලකුණ ඇතැයි කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය විශේෂඥ ආනන්ද සමරසේකර මහතා පැවසීය.

එම නයාගේ විෂ දළ ඉවත්කර ඇතත්

නයා සැකකාර රූමතියව විටින් විට සපා කා අති බවත් ඔහු කීය.සැකකාරිය පිළිමතලාව ප‍්‍රදේශයේ පදිංචි කාරියක් බවත්, ඇය අදාල සමාජ ශාලාවේ සේවිකාවක් බවත් පොලිස් මූලික පරීක්‍ෂණවලින් තහවුරුවී තිබේ.

මෙම තරුණිය විසින් නයාව රුපියල් 30,000 කට ගාලූ‍ මුවදොර පිටියේදී මිලදීගෙන ඇති බවද පොලිසිය විසින් සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.එම රාත‍‍්‍රී සමාජ ශාලාවට පැමිණි අමුත්තකු විසින් කරන 119 වෙත කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාරිය පොලිස් අත්අඩංගුවට පත්වී තිබිණි.

මෙම තරුණිය හා නයා සමාජ ශාලාවෙන් පොලිසියවෙත රැගෙන යනු ලැබුවේ ආවරණ සහිත ලොරි රථයක් ගෙනවිත් බවද වාර්තා විය.


රූමත් තරුණියක් ක්ලියෝපැට්රා රාත‍‍්‍රී සමාජ ශාලාවට නයෙක් අරගෙන ඇවිත්...
 
Related Posts with Thumbnails