Ads 468x60px

.

නිදන කාමරය ඇතුලේ අල්මාරියේ මී වද බැඳලා...

මී මැස්‌සන් මේ කාලය තුළ ඔවුන්ට කිසිම හිරිහැරයක්‌ කර නෑ...


මී මැස්‌සන් ඉන්න කාමරය තුළමයි. අපි නිදන්නේ...

කොස්‌ගොඩ නාපේ පදිංචි රසික අල්විස්‌ මහතාගේ නිවසේ නිදන කාමරයේ අල්මාරියේ තිබූ අපූරු දසුනක්‌ කැමරාවට හසුවුනා.

සාමාන්‍යයෙන් මී වද හදන්නේ මී මැස්‌සන් විසින් ඉතාම ආරක්‌ෂිත ස්‌ථානවලය. මිනිස්‌ වාස තුළ මී වද නිර්මාණය වන්නේ අල්ප වශයෙනි. 

පෙර කී රසික අල්විස්‌ මහතාගේ නිවසේ නිදන කාමරයේ අල්මාරිය ඇතුළේ මීවදයක්‌ බැඳ ඇති බව 2011-04- මස 01 දින මොහු පළමුව මෙම මී වදය හදන අයුරු
දැක ඇත. එහෙත් ගමේ උදවියට මේ ගැන ඔහු කීවත් කිසිවකුත් එය විශ්වාස කර නැත. ඒ අප්‍රේල් 01 දා මෝඩයාගේ දවස ලෙස ප්‍රචලිතව තිබූ නිසාය.

අද වන විට මෙම මී වදය විශාලව සකසා හොඳින් මී පැණි පිරී තිබේ. මේ වන විට මී වදයට වසරකුත් මාස 03 ක්‌ ඉක්‌ම ගොස්‌ ඇත. පුදුමයට කරුණ නම් රසික අල්විස්‌ කියන පරිදි මී මැස්‌සන් මේ කාලය තුළ ඔවුන්ට කිසිම හිරිහැරයක්‌ කර නැති වීමය.

මට සිඟිති දියණියක්‌ ඉන්නවා. මමයි මගේ බිරිඳයි, දියණියයි ඉන්නේ මේ මී මැස්‌සන් ඉන්න කාමරය තුළමයි. අපි නිදන කාමරය තුළයි, මී වදය හදල තියෙන්නේ. 2011 අප්‍රේල් 01 දා තමයි දැක්‌කේ මේ මී වදය හදල තියෙනවා. අල්මාරියේ තිබුණු සාරියක්‌ සමග තට්‌ටුවක හදල තිබුණා. අද වෙනතෙක්‌ අපිට හානියක්‌ කරල නැහැ. 


අපි පාන්දර 5.30 ට කාමරයේ ජනෙල් ඇරල එයාලට එළිය යන්න ඉඩ දෙනව. ආපසු හවස කළුවර වන විට ඒ අය එනව. අපි හවසට නිවසේ ලයිට්‌ දාන්නෙ ටිකක්‌ ප්‍රමාද වෙලා. මොකද ඒ සත්තු බල්බ්වලට වහල මියයන නිසා.
 
Related Posts with Thumbnails