Ads 468x60px

.

අධිකරණ නඩු ප්‍රමාදය සහ තෙලෙන් කෑම...

අධිකරණයේ පැවරු නඩුවක් නිසා සයිප්‍රසයට අයත් "තර්මෝපිලී සියෙරා" නෞකාව පානදුර වෙරලේ අවුරුදු 3ක් පමණ නැංගුරම් දා තිබුණි. නඩුව ඉක්මනින් විභාග වුයේ නැත , අන්තිමේදී නැව පසුගියදා ගිලි ගියේය.  

නෞකාව පෙරේදා ගිලී යන අවස්ථාවෙ එහි තෙල් ටොන් 70ක් පමණ ඉතිරිව තිබුණි. තෙල් පැතිරීම වැලැක්වීමට දිය මත පාවෙන සමුද්‍රීය ආරක්ෂක වැටවල් නැව වටා සවිකරන බවට කටමැත දෙඩුවද
ගිලුණු නැවේ තෙල් මේ වනවිට මීගමුව දක්වා පැතිරෙමින් පවතින අතර අද උදෑසන වනවිට දෙහිවල, රත්මලාන, වැල්ලවත්ත වෙරළට ගොඩ ගසා තිබෙන බව බව සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. 

ඊයේ දහවල් වනවිට ආපදා කලමණාකරන මධ්‍යස්ථානය ජනතාව දැනුවත් කළේ ගෝල්ෆේස් වෙරල තීරයට පැමිණ රැල්ල පෑගීම අවදානම් සහිත බවයි.මෙම විනාශයේ වගකීම බාරගැනීමට කිසිවෙක් නැති අතර තෙල් හම්බන්තොට දක්වාද පැතිරීමට තිබෙන බව නිවේදනය කර ඇත. ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් 80%ක් පමණ පිරිසක් නවාතැන් ගැනීමට වෙරළ තීරය තෝරාගන්නා නිසා එය සංචාරක කර්මාන්තයටද බලවත් පහරකි. 

මෙම  "තර්මෝපිලී සියෙරා" නෞකාව දිරමින් පවතින බවත් එය ගිලී ය හැකි  බව දැනගෙන සිටියද අපගේ ගරු අධිකරණය කිසිදු පියවරක් ගත්තේ නැත. නඩු භාණ්ඩයක් නිසා වසර ගානක් එය පානදුර මුහුදේ පාවෙමින් තිබුණි. අධිකරණ නිලධාරීන් විසින් රටට කල අපරාධය  ගැන වගකීම ගැනීමට කෙනෙක් නැත. 

අප තෙල් සොයන්න කැණීම් කරන්න පටන් ගත්තේ ලෝකයට  ණය වී අවුරුදු ගාණකටත් කලින්ය. දැන් ඒ තෙල් වෙරලටම ගසාගෙන බව දේශපාලකයන් අපගේ මෝඩ චන්දදායකයන්ට දැන් කියනු ඇත.  සාමාන්‍ය පෙළවත්   සමත් නැති බහුතරයගෙන් සමන්විත වූ අපගේ දේශපාලන නඩය  පරිසර දුෂණ ගැන දන්නේ නැත උන් දන්නේ ස්ත්‍රී දුෂණ පමණි.

 -  අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails