Ads 468x60px

.

මර්වින්ගේ තර්ජන වලට බයේ සත්ත්ව බිලි පූජාව නවත්වන්නේ නෑ - කෝවිලේ ප්‍රධාන පූජක

මර්වින් සිල්වා ඇමතිතුමා විතරනේ එහෙම කියන්නේ... අනිත් ඇමතිවරු මේකට විරුද්ධ නෑ...

අපිට ජනාධිපති තුමාවත් කිසිම කතාවක් කියල නෑ. 

ජනාධිපතිතුමා අපිට නවත්වන්න කිවුව නම් නැවැත්තුව...

හලාවත මුන්නේස්වරම කාලි දේවස්ථානයේ පැවැත්වීමට නියමිත බිලි පූජාව නවත්වන මෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නියෝග කළහොත් එය නැවැත්වීමට තමන් සූදානම් බව කෝවිලේ ප්‍රධාන පූජකතුමා පවසනවා.

එහෙත් අමාත්‍ය මර්වින් සිල්වාගේ තර්ජනයට බිය වී

ලබන සැප්තැම්බර් පළමුවෙනිදාට යෝජිත බිලි පූජාව නවතා දැමීමට තමන් සූදානම් නැති බව කාලිමුත්තු සිවපාදසුන්දරම් පූජක තුමා සඳහන් කරයි.

අදාළ බිලි පූජාව සඳහා සතුන් රැගෙන ආවොත් එම සතුන් තම භාරයට ගන්නා බව මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා පසුගිය දා මාධ්‍ය අමතමින් කියා සිටියේය.

ලබන සැප්තැම්බර් පළමු වැනි දින ආරම්භ වීමට නියමිත බිලි පූජාවේදී සිදුවන සත්ත්ව හිංසාව වැළැක්වීමට මැදිහත් වන මෙන් බොහෝ දෙනා ගෙන් තමන්ට ඉල්ලීම් ලැබී තිබෙන බැවින් ඒ සඳහා සතුන් ගෙන ඒමෙන් වලකින මෙන් ඇමතිවරයා ජනතාව ගෙන් ඉල්ලීමක්ද එහිදී කළේය.

‘මර්වින් සිල්වා ඇමතිතුමා විතරනේ. එහෙම කියන්නේ අනිත් ඇමතිවරු මේකට විරුද්ධ නෑ. දැන් අපිට ජනාධිපති තුමාවත් කිසිම කතාවක් කියල නෑ. ජනාධිපතිතුමා අපිට නවත්වන්න කිවුව නම් නැවැත්තුව’ යයි ප්‍රධාන පූජකතුමා කියා සිටී.

අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු සිංහල, දෙමළ සහ මුස්ලිම් බොහෝ දෙනා සිය කෝවිලට පැමිණ බිලි පූජා පවත්වන බව ද පවසන ප්‍රධාන පූජකතුමා ‘එයා කියන්නේ මේකයි. එයා හිතන එක වෙන්ඩ ඕන කියන එකයි. එයත් ඉස්සර ඇවිල්ල මේ පූජාවල් තියල තියනවා දේවාලෙට ඇවිල්ල’ යයිද කියයි.
=================//=================

හළාවත මුන්නේෂ්වරම් කෝවිලේ වාර්ෂිකව සිදුකෙරෙන බිලි පූජාව මෙවරත් ලබන මස පළමුවනදාට සූදානම් කර තිබේ.ඊට එරෙහිව සංවිධාන ගණනාවක්ම ගියවර මෙන්ම මෙවරද විරෝධය දක්වයි.
අමාත්‍ය මර්වින් සිල්වාද ඊට ප‍්‍රබල විරෝධයක් දක්වමින් සිටී. ඔහු පවසන්නේ මෙවර තමන් බිලිපූජාව පවත්වන දිනයේ කෝවිල ඉදිරිපිට සත්‍යග‍්‍රහයක් ආරම්භ කරන බවයි.

1979 ජුනි මස එවකට එජාප ආණ්ඩුව මගින් සත්ව බිළි පූජා සිදු කිරීම තහනම් කරමින් කැබිනට් තීරණයක් ගෙන තිබුණි. එයද නොතකා හලාවත මුන්නේශ්වරම භද්‍රකාලී අම්මාන් කෝවිල එම තීරණ පිළි නොගෙන දිගටම වාර්ෂිකව බිළි පූජාවන් පවත්වා ඇති බව කියති.
පහත දැක්වෙන්නේ මුන්නේෂ්වරම් කෝවිලේ බිලි පූජාව සිදුකෙරෙන ආකාරය දැක්වෙන සංස්කරණය නොකල වීඩියෝවකි.


(කරුණාකර හෘදයාබාද හෝ වෙනත් හදිසි රෝගී තත්වයන් හටගනන්නා අය බැලීමෙන් වලකින්න)

 
Related Posts with Thumbnails