Ads 468x60px

.

ගල් දෙබොක්කාවේ හිරවුණ තරුණයාගේ සත්‍ය සිදුවීම

දුම්රියේ කතාවක් නෑ. ක මේකට සම්බන්ධ නෑ...

මගේ වයිෆ් කලින් යාලු වෙලා හිටපු කොල්ලට ඕන වුනේ මාව මරන්න.

පසුගිය 18 වැනිදා සිදු වූ හදිසි අනතුරක් සම්බන්ධයෙන් අන්තර්ජාලය වාර්තා කර තිබුනේ  "කොල්ලුපිටිය දුම්රිය මඟ ආසන්නයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී පිටුපසින් දුම්රියක් එනු දැක බියට පත්ව කලබල වී දුම්රිය පීල්ලට එපිටින් පිහිටි ගල්තලාවකට පැන්න අතර , එකවරම ඔහු ගල් දෙකක් මැද්දෙන් ඇතුලට එබී ගියා." ලෙසිනි.

නමුත් එම සිදුවීම පිලිබඳ එසේ වාර්තා කලත් සිදුවී තිබුනේ එයට හාත්පසින් වෙනත් දෙයකි.
දිනේෂ් ශර්බා නම් එම 20 හැවිරිදි තරුණයාට රේල් පාර දිගේ ඇවිද ගොසින් දුමිරියට බියේ ගල් දේබොක්කාවට පැන්නේ නැත.

ඔහුට සිය දිවි නසාගැනීමේ අරමුණක් තිබුනේද නැත.තරුණයා ගල් දෙබොක්කාව හිරකොට තවත් ගල් දමා වසා දමා තිබුනේ තවත් නරුමයන් දෙදෙනෙකු විසින් දිනේෂ්ව මර දැමීමේ අදහසිනි.මේ ඔහුගේ කතාවයි.


"දිනේෂ් ෂර්බා". ඔහු අවුරුදු 20 හැවිරිදි තරුණයෙකි. උපතින්ම හින්දු ආගමිකයෙකු දිනේෂ් ඉපදුනේ යාපනයේ වුවත් කෝවිල් රස්සාව නිසා ඔහු හැදී වැදුනේ, ජීවත් වුනේ කොළඹ අවටය." කොහොමද දිනේෂ් ඔයාට මේ සිද්ධිය වුනේ..?" අතිශය අසාමාන්‍ය කරණමය සම්බන්ධයෙන් අපේ හිතේ තිබුන කුතුහලය ප්‍රශ්නයක් වී දිනේෂ් ඉදිරියේ එලියට විසිවිණි.

"මම අවුරුදු 15 ඉඳලම කෝවිල්වල වැඩ කරපු කෙනෙක් , පංචිකාවත්තේ කෝවිලේ වැඩ කරද්දී තමයි මට මගේ පෙම්වතිය මුණ ගැහුනේ. එය කලින් යාලු වෙලා ඉඳල තියනවා කොල්ලෙක් එක්ක.දැන් ඒ කොල්ල ඉන්නේ. කටාර්වල. මගේ පෙම්වතිය එයාට කැමති නෑ. ඒත් එයාලගේ ගෙවල් වල අයට ඕන වුනේ ඒ කොල්ලට මගේ කෙල්ලව බැඳලා දෙන්නයි."

කොයි තරම් කාලයක් ගල් අතර සිර වී සිටීමට සිදු වුනේ දැයි හරියටම කියන්නට නොහැකි වුනත් දිනේෂ් මේ කතා කරන්නේ සිදු වූ අනතුර නිසා ඇති වූ මානසික කම්පනය නිසා විය යුතු යැයි අපට හැගී ගියේ ඔහු අපේ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙන්නට උතසාහ කල ආකාරයයි.

"මේ මාසේ 12 වෙනිදා අපේ රෙජිස්ට්‍රේෂන් තිබුනා. ඒත් අපි රෙජිස්ට්‍රර් වෙන්න හිටියේ 18. ඒ වුනත් අපි 12 වෙනිදාම රෙජිස්ටර් වුනා. එදා මගේ හොදම යාළුවො දෙන්නෙකුත් ඇවිත් හිටිය. එයාල මගෙන් පාටියක් ඉල්ලුව. ඉතින් මන් බොන්නේ නෑනේ. මම කිව්වා හරි මම අරන් දෙන්නම් 17 පාටියක් දාමු කියලා." 

නාසය දිගේ ඇතුළු කරන ලද බටයක් නිසා කතා කිරීමේ අපහසුතාවය තිබුනත් දිනේෂ් සිය අත්දැකීම් විස්තර කිරීමට අවශ්‍ය පසුබිම සකසන්නට විය. අපි අපේ කුතුහලය පසෙක තබා යලිත් ඔහුටම කතා කරන්නට ඉඩ හැරියෙමු.

"17 වැනිදා රෑ 7.40 ට විතර මමයි යාළුවො දෙන්නයි කොල්ලුපිටිය බීච් එකට ආවා. අපි ටික වෙලාවක් එහෙම ඉන්නකොට තව කවුද කට්ටියක් එතනට ඇවිත් යාළුවො දෙන්නව ත්‍රීවීල් එකක දාගෙන අරගෙන ගියා.එතන හිටපු තව කිහිප දෙනෙක් මා අල්ලාගෙන මගේ රත්රන් බඩු සේරම ගලව ගත්තා. ඊට පස්සේ මාව අර බීච් වල කපල්ස් ඉන්න තැන් තියෙන්නේ ... අන්න ඒ වගේ කුහරයක හිර කරලා මට එන්න බැරි වෙන්න ගලකුත් තිබ්බා.... එතකොට වෙලාව රෑ 10 ට විතර ඇති."

දුම්රියේ කතාවක් නෑ. එක මේකට සම්බන්ධයක් නෑ. ට්‍රේන් එක තිබුනේ කොහෙවත් අපි හිටියේ තව කොහෙවත්. මම පැන්න නෙවෙයි හිර කළා. මගේ වයිෆ් කලින් යාලු වෙලා හිටපු කොල්ලට තමයි ඕන වුනේ මාව මරන්න. එය සල්ලි දීල කට්ටිය දම්මල මට මෙහෙම කළා." "එතකොට යාළුවො දෙන්නට මොකද වුනේ...?" කොහොමද කටාර් වල ඉන්න කෙනා දිනේෂ්ගේ රෙජිස්ට්‍රේෂන් 19 තියනවා කියල දැනගත්තේ..? මේ අනතුර සිදුකල කට්ටිය අඳුරනවද.? කෝ දැන් දිනේෂ්ගේ බිරිය..?

"මගේ හොදම යාළුවො දෙන්නෙක්,එයාල දැන් කෝ කියල ම දැන් නෑ. මගේ වයිෆ් අද හවස එනවා කිව්වා මාව බලන්න. අපි 18 තමයි රෙජිස්ට්‍රේෂන් ගන්න හිටියේ. ඒකයි හරියටම 17 වෙනිදා මාව මරන්න ප්ලැන් කරලා තියෙන්නේ. මට මේ කරදරේ කරපු කට්ටිය මන් කලින් අඳුරන්නේ නෑ. ඒත් දැක්කොත් අඳුන ගන්න පුළුවන්."

"කොල්ලුපිටියේදී කෝච්චියට බයේ පැත්තකට පන්නම ගල් දෙබොක්කාවක ඔලුව හිරවෙලා..." මෙලෙස මාධ්‍ය මගින් වාර්තාකරන්නට වූ අහම්බය ඇතුලේ ක්‍රියාත්මක වෙමින් තිබු සත්‍යය අතිශයින්ම බිහිසුණුය, කුරිරුය, අමානුෂිකය. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන්නේ කොල්ලුපිටිය පොලිසියයි. තවමත් පර්යේෂණ කටයුතු සිදුවන බැවින් අපට තොරතුරු සැපයීමට කොල්ලුපිටිය පොලිසිය ඉදිරිපත් නොවුනත් මේ සිද්ධිය පිටුපස අරුම පුදුම පිම්මකට එහා ගිය දෙයක් ඇති බව පමණක් අපි ප්‍රත්‍යක්ෂ කර ගනිමු.

පැය 6 ක් 7ක් දෙපා මත සිටගෙන සිටීමද අපට මහත් අසීරු කටයුත්තකි. නමුත් දිනේෂ් පවසන පරිදි ඔහු පැය 10 කටත් වඩා ඔලුවෙන් සිටගෙන සිට ඇත. ඒ නිකම්මද නොවේ. දැවන්ත ගල්පර දෙකකට ඔලුව සිරවී තිබියදීය. කොල්ලුපිටිය දුම්රිය නැවතුම්පලට නුදුරින් පිහිටි ගල්දෙබෝක්කාවක දිනේෂ්ගේ හිස සිරකර ගත්තේය. වෙරල ඛාදනය වැලක්වීමට යොදන ලද ඉතා විශාල ගල් කුටීර පසුකලෙක පෙම්වතුන්ගේ නවාතැන් පොළ බවට පත්විය. දිනේෂ්ට සිරවී සිටින්නට සිදුවුයේ එවන් ගල් පර දෙකක් අතරය. රළු ගල් කුට්ටි දෙකක් අතරට සිරවී ගෙවුණු ඒ රාත්‍රිය දෙනෙෂ්ට කෙතරම් බියකරු අත්දැකීමක් වන්නට ඇද්ද...?

"මට ඉන්නේ අම්මයි, තාත්තයි, මල්ලියි. අවුරුදු 15 ඉඳලම මම වැඩ කලේ දෙවියන් එක්ක. මාව දෙවියෝ තමයි බලාගත්තේ. මම ට්‍රයි කළා.ට්‍රයි කළා ට්‍රයි කළා.... එලියට එන්න . ඒත් තව තවත් ඇතුලටම ගියා. මං හිතුව මම මැරුණම තමයි කියලා. ඇතුලේ ඉද්දි මට සිහිය තිබුනා.

පුළුවන් හයියෙන් කෑ ගැහුවා දැඟලුව හැම විධියටම එලියට එන්න හැදුව ... අන්තිමට මම මගේ දෙවියන්ව සිහිකරගෙන නිදාගත්තා. එක පාරටම මහා හයියෙන් ටක ටකස් ටක ටකස් කියල සද්දයක් ආවා. මගේ ඔලුව කුඩු කරනවා වගේ මට දැනුනා. මිනිසුන් කතා කරනවා ඇහුනා. මං දැනගත්ත එතකොට උදේ වෙලා කියල. මගේ දෙවියෝ තමයි මාව බේරුවේ... ෆයර් සර්විස් එකෙන් ඇවිත් ගල් දෙක කඩලා මාව එලියට ගත්තලු.

මට ඊට පස්සේ හරියට මතක නෑ. මගේ උපන්දිනය තියෙන්නේ මේ මාසේ 28 වැනිදා. ඒ දවස වෙනකං මට ගොඩක් අපලයි ලොකු ලොකු ප්‍රශ්න එනවා. පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉන්න ඕන. මං කාලයක් තිස්සෙම වැඩ කරන්නේ දෙවියන් සමග කාටවත් වැරද්දක් කරලා නෑ. ඒත් මේක මහා අපල කාලයක්. ඔක්තෝම්බර් 28 න් පස්සේ මට හොදයි."

පැය 10 කට ආසන්න කාලයක් ඔලුව බිමට වී ගල් දෙකක් අතර සිර වී සිටින්නට තරම් භයානක අත්දැකීමකට මුහුණ දුන් මේ තරුණයාව මුලින්ම දකින්න ලැබී තිබුනේ ඒ අසලින් ගමන් ගත කාන්තාවකටයි. ඇය අසල්වසියන්ද කැඳවමින් තරුණයා බේරා ගැනීමට උතසහ ගෙන ඇත. පොලිසියටත් ප්‍රථම සිදුවූ ස්ථානයට මාධ්‍ය ආයතන එම අවස්ථාව සජීවීව පටිගත කිරීමේ නියැලිණි. 


මේ සියලු නිෂ්පල උත්සාහයන් අතරතුර එක බුද්ධිමත් පුද්ගලයෙකු වහාම ක්‍රියාත්මක වී ගිනි නිවන හමුදාව කැදවා තිබිණි. දිනේෂ් ට දෙපයින් නැගී සිටින්නට වරම් ලැබුනේ ගිනි නිවන හමුදාවේ උපකාරයෙනි. විසල් ගල් දෙබොක්කාවක හිසින් සිරවී සිටි දිනේෂ් ගේ ජීවිතය බේරා ගැනීමට ක්‍රියාත්මක වූ ගිනි නිවීමේ හමුදා භට කණ්ඩායමේ අංශ බාර පුහුණු කිරීමේ නිලධාරී නිශාන්ත ලොකුවිතාන මහතා මෙහෙයුම සිදුකල අයුරු අපිට ව්ග්‍රහ කළේය.


"කිසියම් පුද්ගලයෙකුගේ දැනුම් දීමක් මත අපි ඉක්මනින් ක්‍රියාත්මක වෙලා අදාළ ස්ථානයට ගියා. ඒ පුද්ගලයා ඉතා විශාල ගල් කුට්ටි 3 කට හිර වෙලා හිටියේ. විශාල පිරිසක් අපි යද්දී එතන රැස් වෙලා හිටියා. ඒ කිසිම කෙනෙකුට කොහොමද ගල් කුට්ටි මෑත් කරන්නේ කියල ක්‍රමවේදයක් තිබුනේ නෑ. එක ගලක් හරි එහෙ මෙහෙ වුනා නම් ඔහු මැරෙන්න පවා ඉඩ තිබුනා. ඒත් ඉතාම පරෙස්සමෙන් මේ කාර්යය කරන්න අපි ළඟ උපකරණ තිබෙනවා. ඒ සදහා අපට ගත වෙන්නේ පුංචිම වෙලාවක්.

අන්තිම විනාඩි දහයක් වගේ කෙටි කාලයක් ඇතුලත හයිඩ්‍රෝලීක් ස්පැනර් යන්ත්‍රයක් ඇසුරෙන් ඔහුව මුදා ගන්න අපිට හැකියාව ලැබුනා. අනෙක් වටිනාම කාරණය තමයි මේ සිද්ධිය අපිට දැනුම් දුන්නේ දහවල් 12.39 ට. ඒ වෙනකල් ම, පොලිසියත් ,ජන මාධ්‍ය ආයතන ඇතුළුව සියලුම පිරිස් ඔවුන්ට හැකි පමණින් තරුණයා බේරා ගැනීමට උත්සාහ කළා මිස අපව දැනුවත් කලේ නැහැ. මේ වගේ අවස්ථාවකදී ඉක්මනින් ක්‍රියාත්මක වීමේ හැකියාව සහ පුහුණුව අපිට තියනවා. මේ අවබෝධය නොමැති කමින් අනතුරට පත් තරුණයා තවදුරටත් පීඩාවට පත්වුණා.

තවමත් සුවදුක් විමසීමට නොපැමිණි දිනේෂ් ගේ බිරියත් ඇමතුම පවා විසන්ධි කර තිබු හොදම මිතුරන් දෙදෙනාත් මේ කතාවේ කෙබඳු කොටස්කරුවන් දැයි අපි නොදනිමු. නමුත් දිනේෂ් කළු ගල් අතර සිර කලේ අරුම පුදුම කරණම නිසා නොවන වග නම් අපට ඉඳුරාම පැහැදිලිය.


 
Related Posts with Thumbnails