Ads 468x60px

.

රාණියි ආදිත්‍යයි හොරෙන්ම බැඳලලු...

ආදිත්‍යගේ දෙමව්පියන් රාණිට දැඩි ආදරයක්...

රාණියි ආදිත්‍යයි හොරෙන්ම බැඳලලු මාස ගණනකට කලින් ඇසුණු මේ කතාව ආයෙමත් ගිය සතියේ බොලිවුඩ්පුරයෙන් අහන්නට ලැබුණා. චිත්‍රපට අධ්‍යක්ෂ ආදිත්‍ය චොප්රාත් සුරූපී නිළි රාණි මුඛර්ජිත් අතර පෙම් සබඳකමක් හට ගෙන ඇතැයි ආරංචි පැතිරී යාමෙන් පසුවයි, දෙන්නා කසාද බැන්ද කතාවක් විසිරුණේ. 


සතියක් දෙකක් ගතවෙද්දී ඒ ආරංචිය යටපත් වුණා. දැන් එයට ආයෙමත් පණ ලැබිලා.41 ක් වයස ආදිත්‍යත් 34 වයස රාණිත් හොර රහසේම විවාහ වී ඇත්තේ මීට මාස 8කට කලින්ලු. ගිය වසරේ දීපාවලි උත්සව කාලෙදි (නොවැම්බරයේ දී) දෙදෙනා හොරෙන්ම අතිනත ගෙන මංගල උත්සවයක් ද පැවැත්වූවාය කියලයි දැන් ආරංචි. 

මෑතකදී දෙදෙනාම ලන්ඩන් නුවර නිවාඩුවක් ගත කළ බවටත් සාක්ෂි තිබෙනවා. ආදිත්‍ය ගේ පියා, යාෂ් චොප්රා නිෂ්පාදනය කරන තවම නමක් යොදා නැති අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරීම් කිහිපයක් කරන්නට ලන්ඩන් නුවරට ගිය මොහොතේදීයි රාණිත් ආදිත්‍යත් ඒ චිත්‍රපට කණ්ඩායම සමඟ එහි ගොස් ඇත්තේ. චිත්‍රපටයේ රඟපාන්නේ ශාරුක් ඛාන් සහ කට්රිනා කායිෆ්. ලන්ඩන් සවාරියේ දී රාණිගේ උපන් දිනයත් යෙදී තිබුණා. 

ඒ නිසා රාණිට උපන් දිනය සමරන්නටත් හැකිවුණා. ඒ වෙනුවෙන් පුංචි සාදයකුත් තිබුණා. සාදයට එක්වුණු අමුත්තා සහ අමුත්තිය තමයි ශාරුක් සහ කට්රිනා. උපන්දින කේක් ගෙඩිය කපා මුල්ම කේක් කෑල්ල රාණිගේ අතින් ආදිත්‍යගේ මුවට ළංවෙද්දී කවුරුත් අත්පොළසන් දුන්නා. ඉන් පස්සෙ ආදිත්‍ය, රාණිවත් සමඟ තරුපහේ හෝටලයකට ගොස් රාත්‍රී ආහාරය ගත් බවයි පැවසෙන්නේ. ඒ විතරක් නෙමෙයි. ආදිත්‍යගෙන් රාණිට අගනා තෑග්ගකුත් ලැබුණා. 

ඒ, රුපියල් කෝටි 1.25ක් වටිනා’Audi A8 W12’ වර්ගයේ නවීනතම මෝටර් රථයක්!ලන්ඩන් සවාරියෙන් පසුව ඉන්දියාවට පැමිණි ආදිත්‍ය, රාණිවත් කැටුව මුම්බායි නුවර පිහිටි සුපිරි චීන අවන්හලකට ගොස් ‘රොමැන්ටික් ඩිනර්’ එකක් ගත්තාය කියල මේ අතරේ ආදිත්‍යගේ යහළුවකු කියා තිබුණා.

රාණි දැන් ආදිත්‍ය නිවෙස වන ‘ආදිත්‍යෝදයා’ හි නිතරම රැඳී සිටිනවාලු. ආදිත්‍යගේ දෙමව්පියන් රාණිට දැඩි ආදරයක් දක්වනවාලු. ඔවුන් සියලු දෙනාම රාණිව අමතන්නේ ‘භාති’ කියලලු (‘නෑනා’ යන තේරුම). රාණි දැන් ආදිත්‍යගේ නිවෙසෙහි වැඩ කටයුතු විතරක් නෙමෙයි, ඔහුගේ චිත්‍රාගාරවල වැඩ කටයුතු ගැනත් සොයා බලනවාලු. මොකද, දැන් ඒවා ඇයටත් අයිතියිනේ!
 
Related Posts with Thumbnails