Ads 468x60px

.

පියයුරු අස්සේ කුඩු සඟවා බෙදු රත්මලානේ නදීට වැඩ වරදී

නදී විවාහ වී සිටින්නේ ‘වෙලේ සුදා’ගේ සහෝදරයෙකු වන තාජු එක්කලු...

කොළඹ හා අවට ප‍්‍රදේශවලට හෙරොයින් බෙදාහැරීමේ නිරතව සිටි ‘රත්මලානේ නදී’ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය ගල්කිස්ස පොලීසියේ දුෂණ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා.

 
මෙම කාන්තාව විවාහ වී සිටින්නේ පාතාල ප‍්‍රබලයෙකු මෙන්ම කුඩු ජාවාරම්කරුවෙකු වන දැනට විදේශගතව සිටින ‘වෙලේ සුදා’ගේ සහෝදරයෙකු සමඟය. ‘තාජු’ නමින් හඳන්වන ඔහුද මේ වන විට බන්ධනාගාරගතව සිටින්නේ හෙරොයින් ජාවාරමකට වැරදිකරු වීමෙනි.

සැමියා බන්ධනාගාරගතවීමෙන් පසුව හෙරොයින් බෙදාහැරීමේ මහා පරිමාණ ජාවාරම මැය විසින් සියතට ගෙන ඇත.දුරකතනය ඔස්සේ මෙම ජාවාරම සිදුකරන බවත් විවිධ ප‍්‍රදේශවල පුද්ගලයන්ට ඇය සිය තනපට අස්සේ සඟවාගෙන හෙරොයින් බෙදාහැර ඇති බවද පොලීසිය කියයි.

එමෙන්ම විලාසිතා ඇඳමින් සැරසී ඇය ශරීරයේ හෙරොයින් සඟවාගෙන විවිධ ප‍්‍රදේශ කරා ගෙන ගොස් ඇතැයිද සඳහන්ය.
 
Related Posts with Thumbnails