Ads 468x60px

.

මාලක හා රෙහාන් 24 තෙක් රිමාන්ඩ් - දෙදෙනාටම බරපතල රෝග තියෙනවලු

මට එතැන වෙඩි තියල බේරෙන්න තිබුනා..අඩුම ගන්නේ අහසටවත්..

එත් මම එහෙම නොකළේ එතන පොදු රාජ්‍යය මණ්ඩල  විදේශීය නියෝජිතයෝ හිටිය නිසා...

එතන වෙඩි තැබීමක් සිද්ධ වුනානම් මේ සිද්ධිය මිට වඩා බරපතල වනවා.... මේජර් ප‍්‍රදීප් සුසෙන් කියයි...

කොම්පඤ්ඤවීදිය පොලීසියට භාරවිමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා සහ රෙහාන් විජේරත්න ලබන 24 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා අද (17) නියෝග කළා.

සැකකාර මාලකට හා රෙහාන්ට

හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ  මේජර්වරයෙකු වූ ප‍්‍රදීප් සුසෙන් නැමැති අයට පහරදී ඔහුගේ රාජකාරි ගිනි අවිය උදුරා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙනවා.

මොවුන් සමග තවත් පුද්ගලයින් පස්දෙනෙකු ද අත්අඩංගුවටගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය අද අධිකරණයට දැනුම් දුන් අර ඔවුන් ලබන නඩුවාරයේදී ආවරණයකර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද  මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නා.


මේ අතර අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට හා රොහාන් ධනුෂ්ක විජේරත්න ජයවික‍්‍රම යන දෙදෙනාට බරපතල රෝග තිබෙන බව ඔවුන්ගේ නීතිඥයින් විසින් අද (17) අධිකරණයට දන්වා සිටියා.

ඔවුන් මේබව කියා සිටියේ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ  මේජර්වරයෙකු වූ ප‍්‍රදීප් සුසෙන් නැමැති අයට පහරදී ඔහුගේ රාජකාරි ගිනි අවිය උදුරා ගැනීම සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා හමුවේ විභාග වූ නඩුවෙදී.

රොහාන් නැමැත්තා නිනන්දට යාමට පෙර ඔහුගේ ශරීරයට යම් උපකරණයක් සවි කළ යුතු බවත්, මාලක සිල්වා නිතර රොගීවන බවත්  එම නිතීඥවරු කීය.

මාලක හා රොහාන්ට අමතරව මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සෙසු සැකකරුවන් පස්දෙනාද ලබන 24 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් භාරයටපත් සෙසු සැකකරුවන් වූයේ හිරමුතුගොඩගේ නලින්ද ජානක, නාගල්ලගේ දොාන් නිලූ අරවින්ද, විනෝද් හේවගේ සුරේෂ් පුෂ්පකුමාර, අරුවා බඩතුරගේ සරත් උපාලි හා ඒකනායක පතිරගේ රැමේර සත්‍යජිත් යන පස්දෙනාය.

මාලක හා රොහාන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ්ඥ හේමන්ත වර්නකුලසූරිය,  ජයන්ත වීරසිංහ හා නීතීඥ්ඥ ඇන්ටන් සේනානානයක යන අය පෙනී සිටියහ.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එල්.රණවීර මහතා අධිකරණයට කියා සිටියේ මෙම ගැටුම ජයික් හිල්ටන් හෝටලයේ ලොබියේදි සිදුවී ඇති බවත්, මේජර්වරයා සතුව තිබූ රාජකාරි පිස්තෝලය, ජංගම දුරකතනය හා මෝටර් රථයේ යතුරද නැතිවී ඇති බවයි.

සිද්ධිය වූ දිනට පසුව මාලක සිල්වාගේ රියදුරු කොම්පඤ්ඤවීදිය පොලිසියට විත් පිස්තොලය හා පතුරම් වගයක් බාරදුන් බවද රණවීර මහතා අධිකරණයට දන්වා සිටියේය.

කෙසේවුවද මෝටර් රථයේ යතුර මෙතෙක් සොයාගත නොහැකිවූ බවත්,  සිද්ධියේදී සුසේන් මහතාගේ ආරක්ෂාවට සිටි කොපල් සාලින්ද සම්පත් දිසානායකද පහර කා ඇති බවයි.

මෙම නඩුව දැක බලා ගැනීමට අමාත්‍ය මර්වින් සිල්වා හා ඔහුගේ බිරිය ඇතුළු විශාල පිරිසක් අධිකරණයට පැමිණ සිටියේය.



 

කොම්පඤ්ඤවීදිය පොලීසියට භාර වීමට පෙර ඊයේ මාලක සිල්වා විසින් එම පහරදීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙනවා. එම සාකච්ජාව පහතින්.

එදා මොකක්ද වුනේ?
එදා ජන්දය දවස. ඒක නිසා මම යාලුවෝ කිහිපදෙනෙක් එක්ක ජායික් හිල්ටන් එකට ගියා ජන්ද ප්‍රතිපල බලන්න. ජන්දය බලලා ගෙදර යද්දී මිනිස්සු දෙන්නෙක් හිටියා. ඒ දෙන්නගෙන් එක්කනෙක් මම පොඩ්ඩක් දන්නවා. මොකද එයා මට විදේශ රට වලදී හමුවෙලා තියන නිසා.

ඒ අය හමුදාවේ අයද?
මම දන්න කෙනා නම් ආමි එකේ නෙවෙයි. ඔහු නාවල නිහාල් කියන කෙනා ලඟ හිටපු පොඩි චූටියි. මම පොඩි චූටිගෙන් ඇහැව්වා "හලෝ පොඩි චූටි කොහොමද?" කියලා. එතකොට එහා පැත්තේ හිටපු කෙනා පොඩි චූටිගෙන් මාව පෙන්නලා ඇහැව්වා "කවුද මූ" කියලා. එතකොට මම ඇහුවා "තමුසේ කවුද මට මූ මූ කියලා කියන්නේ " කියලා.

ඒ පුද්ගලයාද මේජර් කියන කෙනා?
ඒ වෙලාවේ මේජර් කෙනෙක්ද කියලා අඳුරගන්න බෑ. මොකද ඔහු ඒ වෙලාවේ හිටියේ සිවිල් පිට. අධික ලෙස මත්පැන් පානය කරලා හිටියේ.

ඔහු ඇහැව්වේ ඒ වචන ටික විතරමද?
ඔහු කිව්වා මේ සැරේ ජන්දේ දිනුවට ඔයගොල්ලන්ට ආයෙත් ජන්දේ ආයෙත් දිනන්නේ නැහැ, පරෙස්සමෙන් ඉන්න කියලා.

එතකොට ඔබ මොකද කළේ?
ඒක හරි පස්සේ බලාගමු කියලා.

ඒ වචන කිහිපය පමණමයිද කිව්වේ? ඒක නෙවෙයි පහරදීමක් සිදුකලේ නැද්ද?
ඔව්. එම වචන කිහිපය පමණයි කිව්වේ. මම කිසිම පහරදීමක් කළේ නැහැ.

වගකීමෙන්ද කියන්නේ?
ඔව්.

පොලීසිය කියනවා CCTV කැමරා වල සටහන් වෙලා තියනවා කියලා ඔබ පහරදුන් බවට.?
ඒක ගැන මමදන්නේ නැහැ. ඒත් මම පහරදීමක් සිදුකලේ නම් නැහැ.

එතකොට කවුද ගැහුවේ?
මම වාහනයට නඟින්න යනකොට පස්සේ හිටපු අය කිව්වා "මාලක පහත්වෙන්න මූ වෙඩි තියන්න යනවා" කියලා. ඊට පස්සේ මම මං ආපහු හැරිලා බලනකොට එතන හිටපු කට්ටියක් අර පුද්ගලයා වටකරගන හිටියා. එතනදී එහෙම දෙයක් වුනාද කියලා මම දන්නේ නැහැ.

එතකොට කොහොමද මේජර්වරයා සතුව තිබූ පිස්තෝලය ඔබගේ ඩ්‍රයිවර් අතට ගියේ?
සිද්ධිය ඉවර වෙලා අපි ගෙදර යන්න ගියා. යන ගමන් ඩ්‍රයිවර් කිව්වා පිස්තෝලයක් වැටිලා තිබුණා. ඒක ගෙනාවා කියලා.

එතකොට ඔබ මොකද කළේ?
මම ඊට පස්සේ ඩ්‍රයිවර්ට කිව්වා පිස්තෝලය ගැන ඇමතිතුමාට කියන්න කියලා. මොකද මේකේ මොන වගේ නීතිමය තත්වයක් තියනව කියලා මම දන්නේ නැති නිසා. ඊට පස්සේ තමයි තාත්තා ඩ්‍රයිවර්ට කියලා තියෙන්නේ පිස්තෝලය පොලීසියට බාරදෙන්න කියලා.

මේ සම්බන්ධයෙන් ඔබව පොලීසියෙන් සොයන බව දන්නවද?
ඔව්. ඒක නිසා මම පොලීසියට ගිහින් බාරවෙනවා.

ඔබ ඇයි මෙච්චර දවසක් පොලීසිය මඟ හැර සිටියේ?
මම පොලීසිය මඟ හැරලා නැහැ. පොලීසියට ඕනේ නම් මාව අත් අඩංගුවට ගන්න තිබුණා. දැනුත් මම ඉන්නේ පොඩි ගමනක් යන ගමන්.

තාත්තාගේ රැකවරණය වගේ, තාත්තගේ ආරක්ෂාවත් ඔබ භාවිතා කරනවා නේද?
නැහැ. තාත්තා කිසිම දවසක මාව ආරක්ෂා කරලා නැහැ. ඒ වගේම තාත්තට දීපු ආරක්ෂකයන් මම යොදාගන නැහැ. මාව ආරක්ෂා කරන්න හොඳ යාලුවෝ පිරිසක් ඉන්නවා. ඒ අය මාව හොඳට ආරක්ෂා කරාවි.

හමුදාවේ අයට පහරදීම් එතරම් හොඳ ක්‍රියාවක් නෙවෙයි නේද?
ඔව්. හමුදාවට මගේ හිතේ, මගේ තාත්තගේ හිතේ තියෙන්නේ ලොකු ගෞරවයක්. මේ ගෞරවය නිසාම යුද්ධය දිනුවට පස්සේ අපි දෙන්න සතුට පල කරන්න පාරක් පාරක් ගානේ රතිඥ්ඥා පත්තු කළා. මෙතනදී වුනේ රණවිරුවෙකුර වුන පහරදීමක් නෙවෙයි. මොකද එතනදී මේ පුද්ගලයා හැසිරුනේ හමුදා නිලධාරියෙක් ලෙස නෙවෙයි. සැබෑ රණවිරුවන්ට අපි ආදරෙයි. ඒ වගේම රණවිරුවන්ට කිසිම පුද්ගලයෙකුට අප ඉන්න තැනක අතක් උස්සන්න දෙන්නේ නැහැ.


මාලක සිල්වාගේ පැටිකිරිය.

  • 2006 වසරේ නොවැම්බර් දෙවනදා රාත්‍රී සමාජ ශාලාවක් වැටලීමට පැමිණි පොලිස් මත් ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් නිලධාරීන් පිරිසකට පහර දීම 
  • 2007 වසරේ සැප්තැම්බර් මස බිස්ට්‍රෝ ලටිනෝ අවන්හලේ ගිනි අවියකින් චමින්ද සේනසිංහ නම් ගණකාධිකරුවාට පහරදීම.
  • 2007 වසරේ යවනු ලැබූ රහසිගත කේබල් පණිවිඩයක් හෙලිකල විකිලික්ස් මගින් කියවුනේ කොළඹ එක්ස්ටසි නම් මත් ද්‍රව්‍යය ප්‍රධාන වශයෙන් බෙදාහරින්නේ මාලක සිල්වා බවයි.

යුධ හමුදා මේජර් සුසේනගේ පැටිකිරිය.


  • දකුණු ආරක්ෂක බලසේන මුලස්ථාන බලප්‍රදේශයේ බුද්ධි නිලධාරීන්ගේ සමුහ නායකයා වේ.
  • විශේෂ බලකායේ සිට යුධ හමුදා බුද්ධි අංශයට අනුයුක්ත කල නිලධාරියෙකි.
  • වන්නි මෙහෙයුමේදී එල්.ටී.ටී.ඊ බුද්ධි අංශය මර්ධනය කිරීම සඳහා ප්‍රමුඛ කාර්යක් ඉටුකර ඇත.
  • එල්.ටී.ටී.ඊ සංවිධානයේ ගිනි අවි අත් අඩංගුවට ගැනීමට බුද්ධි තොරතුරු ලබාදුන් පුද්ගලයෙකි.
  • මට්ටකුලිය මෝදර ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ එල්.ටී.ටී.ඊ පිස්තෝල කල්ලිය විනාශ කිරීමට මුලිකත්වය ගෙන කටයුතු කල අයෙකි.
  • එල්.ටි.ටි.ඊ ඉහල පෙලේ නායකයන් රැසක් ඝාතනය කිරීමට මුලික වූවෙකි.

ගැටුමට හේතුව


මත්ද්‍රව්‍යය ජාවාරම්කරුවෙකු පිලිබඳ හෝඩුවාවන් දැනගැනීමට ගිය මේජර් වරයාට හා කෝප්‍රල් වරයාට මාලක සිල්වා ඇතුළු පිරිස හමුවෙයි. එහිදී මාලක මේජර් වරයාගෙන් සිගරට් ඉල්ලයි. සිගරට් ලබාදුන් පසු එය දල්වාගැනීම සඳහා මාලක ලයිටරය ඉල්ලයි. නමුත් තමා ළඟ ලයිටරයක් නොමැති බව පැවසුවිට...

"උඹල ලග සිගරට් තියෙනවනම් ඇයි ගින්දර නැත්තේ ? " කියමින් මාලක ගැටුම පටන්ගෙන ඇත


ගැටුම පිලිබඳ මේජර් වරයාගේ අදහස


මට එතැනදී වෙඩි තියල බේරෙන්න තිබුනා..අඩුම ගන්නේ අහසටවත්...එත් මම එහෙම නොකළේ එතන 
පොදු රාජ්‍යය මණ්ඩල විදේශීය නියෝජිතයෝ හිටිය නිසා. එතන වෙඩි තැබීමක් සිද්ධ වුනානම් මේ සිද්ධිය මිට වඩා බරපතල වනවා. ඒ රටවල් ආරක්ෂක ප්‍රශ්න පිට දාල තමන්ගේ නියෝජිතයන් (පොදු රාජ්‍යය මණ්ඩල) ආපහු ඒ රටවලට ගෙන්නගන්නත් ඉඩ තිබුනා. යුද්දේ අවසන් වෙලා ලෝකේ ඇතුලේ හොඳ නම දිනාගන්න හදන අපිට ඒක කළු පැල්ලමක්. මම ඉවසුවේ ඒකයි.

මේක යාලුවෝ යාලුවෝ අතර වුන රංඩුවක්- මර්වින් සිල්වා
කලිනුත් මේ වගේ වැඩ කරලා පුරුදු නිසා සූක්ෂම ආකාරයට සැඟවිලා- පොලීසිය.


 


 
Related Posts with Thumbnails