Ads 468x60px

.

මර්වින්ගේ පුත් මාලක සිල්වා පොලීසියට භාරවෙයි...

පහරදීමට සම්බන්ධ තවත් පුද්ගලයින් කීපදෙනෙකුත් පොලීසියට...

හමුදා මේජර්වරයෙකුට පහරදීම  සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින අමාත්‍ය මර්වින් මහතාගේ  පුත් මාලක  මහතා අද (17) උදැසන පොලීසියට භාරවී තිබේ.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ,  අද උදෑසන ඔහු කොම්පඤ්ඤ වීදිය පොලීසිය වෙත භාරවූ බවයි.ඔහු සමග පහරදීමට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් පුද්ගලයින් කීපදෙනෙකුද පොලීසියට භාරවී ඇති බව  මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.




කොළඹ ජැයික් හිල්ටන් හෝටලයේදී පසුගියදා යුද හමුදා බුද්ධි අංශයේ මේජර්වරයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්, අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා සමග සිටි තවත් පුද්ගලයන් 6 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බවත්,  අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දැනට හඳුනාගෙන ඇති පිරිස් අත්අඩංගුවට ගැනීමට කඩිනමින් කටයුතු කරන බවත්  පොලිස්  මාධ්‍ය ප‍්‍රකාශකවරයා අවධාරණය කර සිටියා.

හමුදා මේජර්වරයෙකුට පහරදීමක් සිදු කර ඇති බවට සාක්‍ෂි තිබියදීත්, ඊට අදාළ මාලක සිල්වා සහ රොහාන් විජේරත්න යන සැකකරුවන් අත්අඩංගුවට නොගෙන පොලීසියේ ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කර ඇරීම සම්බන්ධව ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂද විරෝධය පළකර තිබුනා
.

ජාතික හෙළ උරුමයේ ජේෂ්ඨ නායකයකු වන බස්නාහිර පළාත් අමාත්‍ය නිතිඥ උදය ගම්මන්පිල මහතා, මාලක සිල්වා අත්අඩංගුවට නොගැනීම දැඩි ලෙස විවේචනය කර
තිබුනා

මෙම කාරණය සම්බන්ධයෙන්
කල විමසීමකදී අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවසුයේ, තම පුතා වරදක් කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් නිත්‍යානුකුලව කටයුතු කිරීමට පොලිසියට අයිතියක් ඇති බවයි. තරුණයින් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් මෙතරම් ආන්දෝලනයට ලක්ව ඇත්තේ, තමා ජනාධිපතිවරයාට සමීප අමාත්‍යවරයකු නිසා බවද හෙතෙම සදහන් කලා.

බොරදියේ මාලුබාන ඇතැමුන්, තම පුතා හමුදා මේජර්වරයකුට පහරදී ඇති බව හුවාදක්වමින් හමුදා සාමාජිකයින් තුල විරෝධයක් ඇති කිරීමට උත්සහයක් ගෙන ඇතිබව සදහන් කල ඇමතිවරයා, එල්.ටි.ටි.ඊ. සංවිධානය ක්‍රියාත්මකව පැවැති සමයේ පවා නොබියව, තමා  එම පිරිස්වල ත්‍රස්ත ක්‍රියා ප්‍රසිද්ධියේ විවේචනය කල කිහිප දෙනාගෙන් කෙනෙකු බවත්, එකල මායිම් ගම්වලට පවා ගොස් එහි ජනයා හා සෙබළුන් දිරි ගැන්වූ බවත් පැවසුවා
.

එකල හමුදාවට සෙත්පතා ගමක් ගමක් ගානෙ ගොස් බෝධිපුජා පැවැත්වූ තමා, හමුදා ජයග්‍රහණයෙන් පසුව ද එම 'රණවිරුවන්' වෙනුවෙන් පෙනීසිටි
අයකු බව හෙතෙම  පැවසුවා.

එම 'හමුදා විරුවන්' ජාත්‍යන්තර අධිකරණය ගෙනයා යුතු බවට රාජ්‍ය නොවන සංවිධානවල 'දේශද්‍රෝහීන්' කටයුතු කරද්දී, ඔවුන්ගේ 'දේශද්‍රෝහිකම්'  ප්‍රසිද්ධියේ විවේචනය කලේ තමා බවද ඔහු අවධාරණය කලා
.

එහෙයින්, තමාට එරෙහිව  'රණවිරුවන්'  උසිගැන්විමට සමහර කුහකයින් දරන උත්සාහය අසාර්ථක බවද හෙතෙම
පැවසුවා.
 
Related Posts with Thumbnails