Ads 468x60px

.

අරලගංවිල මධුරංගගේ ජීවිතය බිලි ගත් කොළ මඬින 'සුනාමිය'

අලුත් ගේ හදලා පිරිත් කියලා අස්‌වැන්න බේරාගෙන පදිංචිව සිටි නිවසට තැලිච්ච පොඩිවෙච්ච ලොකු පුතාගේ දේහය ගෙන ඒමට සිදුවුණා... 

මලක්‌ වාගේ ඇති දැඩි කරලා අන්තිමට අවාසනාවන්ත දෙමවුපියන් බවට අපි පත්වුණා...

වී මිටි 03 ක අස්‌වැන්න නෙළා ගැනීමට කොළ මඬින යන්ත්‍රයේ පිහිට පැතූ අරලගංවිල යාය 07 හංසයා පාළම ගම්මානයම පසුගිය දින කඳුළු ගංගාවක්‌ බවට පත්විය. ඒ 14 හැවිරිදි පාසල් සිසුවකු සුනාමි යන්ත්‍රයට හසුවී මියයැම හේතුවෙනි.

එම ගම්මානයම ඒ හේතුවෙන් එකම මළ ගෙයක්‌

බවට පත්වී තිබිණි. අරලගංවිල යාය 7 හංසයා පාළම පදිංචිව සිටි ලීලානන්ද මහ විදුහලේ 09 වැනි වසරේ ඉගෙනුම ලැබූ අම්බලකන්දලාගේ මධුරංග දිල්ෂාන් ජයසූරිය (14) සිසුවා මෙම සිද්ධියෙන් මියගොස්‌ ඇත.

සිද්ධිය පිළිබඳ අදහස්‌ දැක්‌වූ අරලගංවිල යාය 07 අංක 141 පදිංචි එච්. ආර්. මිත්‍රපාල මහතා "මම නිවසේ සිටින විට කෑගැහීමකුත් සමඟ ශබ්දයක්‌ ඇසුණා. අයියෝ කොල්ලා සුනාමියට හසුවෙලා ඇඹරිලා යනවා. ඉක්‌මනට එන්න කියලා කුඹුරේ අය කෑගැසුවා. මම යන්ත්‍රය ළඟට යන විට මධුරංග පුතාගේ වම් කකුල ඇඹරිලා උඩට ඇවිත් අතත් කැරකිලා තිබුණා. මම මැෂින් එක ගලවලා එළියට ගන්නකොට මධුරංග පුතා මියගොස්‌ සිටියා."

අරලගංවිල යාය 07 හංසයා පාළම පදිංචි අම්බල කන්දලාගේ කමල්සිරි ජයසූරිය දරුවාගේ පියා මෙසේ කීය.

"වී මිටි 03 කට පමණයි මුළු කුඹුරෙන්ම අස්‌වැන්න තිබුණේ. විනාඩි 05 කින් අස්‌වැන්න ලබාගන්න ඕන නිසා සුනාමි යන්ත්‍රය ගෙනැවිත් දීලා කුඹුරේ වැඩ කරන අයට කෑම හදන්න මම ගෙදර ආවා. මගේ පුතාට ලොකු ට්‍රැක්‌ටර් පවා එලවන්න පුළුවන්. මියගිය පුතා මේ යන්ත්‍රයට හරිම ආසයි."

මේ කන්නයේ අස්‌වැන්න මගින් ලාභයක්‌ ගන්න බැහැ. ඒ නිසා ප්‍රදේශයේ සියලුම ළමයි ඉස්‌කෝලේ යන එක නතර කරලා කුඹුරු වැඩ කරන්නේ ඉන් වැඩි ලාභයක්‌ ගන්න. බාල වයස්‌ දරුවන් කුඹුරු වැඩවලට යොදාගන්න එක වැරදියි. ඒත් මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්න නිසාත්, වල් අලින්ගෙන් ගොයම බේරාගන්න ඕන නිසා. පවතින ආර්ථික දුෂ්කරතාවය නිසා සියලුම ළමයි අස්‌වැන්න නෙළන කාලෙට කුඹුරු වැඩට උදව් කරනවා. වී මිටි 03 ක අස්‌වැන්න ගන්න ගිය මගේ ලොකු පුතා මේ විදියට ගමම හඬවමින් මියයැම දරාගන්න බෑ."

මව වන පුෂ්පා මල්කාන්ති මහත්මිය - අලුත් ගේ හදලා පිරිත් කියලා අස්‌වැන්න බේරාගෙන පදිංචිව සිටි නිවසට තැලිච්ච පොඩිවෙච්ච ලොකු පුතාගේ දේහය ගෙන ඒමට සිදුවුණා. මලක්‌ වාගේ ඇති දැඩි කරලා අන්තිමට අවාසනාවන්ත දෙමවුපියන් බවට අපි පත්වුණා.
 
Related Posts with Thumbnails