Ads 468x60px

.

නාමල්ට අලුතෙන් හැදූ සිරිකොත බලන්න ආසයිලු..

අපේ මහලේකම්තුමාට කතා කරලා ඕනෑම වේලාවක එන්න කියන්න...රනිල් කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අලුත් දොළදුකක්...

ඒ පිළිබඳව සිය පියාවන ජනාධිපතිවරයාට පවසා ඇත. ඒ අනුව තම පුතාගේ දොළදුක සන්සිඳුවීම සඳහා අවස්ථාවක් ලැබෙන තුරු බලාසිටි ජනාධිපතිවරයාට ඒ සඳහා පසුගියදා අවස්ථාව ලැබී ඇත.එම අවස්ථාව උදාවූයේ අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතාගේ මවගේ අභාවයෙන් පසු එහි ගිය අවස්ථාවේදීය.

එහිදී ජනාධිපතිවරයාට

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඇත. එවිට ජනාධිපතිවාරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතාට පවසා ඇත්තේ ‘‘නාමල්ට අලුතෙන් හැදූ සිරිකොත බලන්න ආසයිලු“ කියාය. එවිට රනිල් වික්‍රමසිංහ පිළිතුරු දී ඇත්තේ “අපේ මහලේකම්තුමාට කතා කරලා ඕනෑම වේලාවක එන්න කියන්න“ කියාය.
 
Related Posts with Thumbnails