Ads 468x60px

.

අකුරැස්සේ ළමා අපචාරකයා සාරුව සුනිල් යළි සභාපති පුටුවේ!

මාස දෙකකුත් දින 10ක පමණ කාලයක් බන්ධනාගාරේ...

ප‍්‍රාදේශීය සභාවේ සභාපති ධුරයේ රාජකාරී යළි ආරම්භ කරලා...

බාලවයස්කාර දැරියන් දෙදෙනකු කෙළෙසීමේ චෝනා මත බන්ධනාගාර ගතව සිටි අකුරැස්ස ප්‍රාදේශීය සභා සභාපති සාරුව ලියනගේ සුනිල් හා ඔහුගේ මස්සිනා වන ප්‍රියංග ඉඳුනිල් වික්‍රමසිංහ ඇප මත මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා විසින් මුදා හරිනු ලැබුවා.

මාස දෙකකුත් දින 10ක පමණ
කාලයක් බන්ධනාගාර ගතව සිටි ඔහුට දැඩි ඇප කොන්දේසි නිකුත්කර තිබේ.එක් නඩුවක් වෙනුවෙන් රුපියල් පනස්දාහක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 25 බැගින් වු ශරීර ඇප හතරකුත් අනෙක් නඩුවට රුපියල් විසිපන්දහසක මුදල් හා රුපියල් ලක්ෂ 20 බැගින් ශරීර ඇප දෙකකුත් තබන ලෙස සභාපතිට නියම වුනා.

මෙසේ ළමා අපචාර සිද්ධි සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස ලැබූ අකුරැස්ස ප‍්‍රාදේශීය සභාවේ සභාපති සාරුව ලියනගේ සුනිල් මහතා, අද ප‍්‍රාදේශීය සභාවේ සභාපති ධුරයේ රාජකාරී යළි ආරම්භ කලා.

සුනිල් ලියනගේ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු, ඔහු  පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉවත් කරන බව  එක්සත් ජනතා නිදහස් සන්ධානය ප‍්‍රකාශ කළේය.

ඒ අනුව,  අකුරැස්ස ප‍්‍රාදේශිය සභාවේ මන්ත‍්‍රීධුරය මෙන්ම සභාපති ධුරයෙන්ද ලියනගේ මහතා ඉවත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්‍ධානය නිල වශයෙන් ඔහුට දැනුම් දී තිබුණ.

එසේ වුවද, ප‍්‍රාදේශීය සභා රැස්වීමට සහභාගි වූ ඔහු සභාපති අසුනේ අසුන් ගත්තේය.
අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ බලය හිමිව තිබෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයටය.



සාරුවා සුනිල් ගැන විශේෂ හෙළිදරව්ව කුමක්ද..?

 
Related Posts with Thumbnails