Ads 468x60px

.

රියැලටි තරගයේ අවසන් දොළොස් දෙනා අතරට තේරී පත්වුන සතුටට මාතර නලින්ද මියයයි...

අනුෂිකා උදයංගනී නැමති අන්ධ තරුණිය සමග විවාහයට පත්වී මාස 3යි... 

අවසන් කටයුතු අද (14) දින නාවිමනදී...

සි.එස්.එන්. නාලිකාව මගින් සංවිධානය කර තිබු සිහිනය රියැලටි දෘෂ්‍යාබාධිත රූපවාහිනී තරගයේ අවසන් දොළොස් දෙනා අතරට ආ තරුණයකු ජයග්‍රාහි ප්‍රතිඵල නිකුත්වීමත් සමඟ හෘදයාබාධයකින් මියගිහින් තියෙනවා.

මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ පෑවේ
මාතර නාවිමන දකුණ ‘වාසනා’ ලිපිනයේ පදිංචි ජී. එස්. නලින්ද නමැති 28 හැවිරිදි විවාහක තරුණයෙකි.

ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් පැවැත්වූ මේ රියැලටි දෘෂ්‍යාබාධ ගායන තරගයට සහභාගි වූ නලින්ද එදින “හැරදා මෙසේ” යන ගීතය ගායනා කොට තිබේ. එහිදී ඔහු අවසන් තරගකරුවන් දොළොස් දෙනා අතරට තේරීපත්වූ බව විනිශ්චය මණ්ඩලය ප්‍රකාශ කිරීමත් සමග ඇතිවූ සතුට දරාගත නොහැකිව හෘදයාබාධයකින් මියගොස් ඇත.


ඔහු යක්කලමුල්ල ප්‍රදේශයේ පදිංචි අනුෂිකා උදයංගනී (24) නැමති අන්ධ තරුණිය සමග විවාහයට පත්වී මාස 3 ක් පමණ වන බවද අනාවරණය වෙයි.අවසන් කටයුතු අද (14) දින නාවිමනදී සිදුකිරීමට නියමිතය.

 
Related Posts with Thumbnails