Ads 468x60px

.

ධාතු වන්දනය කරද්දී මාලක සිල්වා අල්ලන එක ධාතූන් වහන්සේට කරන අගෞරවයක්ලු...

පිස්තෝලෙයි වැටිච්ච ආයුධයි පොල්සියට ගෙනල්ල බාර දුන්නම පොලිසියට නීතියක් නෑ...

අපි පොලිසියෙන් අහන්නේ පොලිසිය බම්බු ගැහුවද?...

එක්තරා මාධ්‍ය සාකච්ජාවකදී අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත්‍ර මාලක සිල්වා කැළණියේ ධාතු වන්දනයටත් පැමිණ සිටි නමුත් ඔහු අත් අඩංගුවට නොගත්තේ ඇයිදැයි මධ්‍යවේදීන් අසා සිටියා.

එවිට එම ප්‍රශ්ණය විහිළුවකට
ගෙන උපහාසයෙන් මෙන් සිනාසුන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ,"ඕකට ඉතින් තැනත් බලපානවනේ. ධාතු වන්දනය කරද්දී අල්ලන එක ධාතූන් වහන්සේටත් කරන අගෞරවයක්නේ" යනුවෙනි.

මේ අතර බොදු බල සේනා සංවිධානයද පොලීසිය විසින් රඟදක්වන මෙම නාටකය පිළිබඳ අදහස් දක්වා තිබුණා.

"මුළු ජාතියම මර බියෙන් ඉන්දැද්දී මේ ජාතියට සන්තෝසෙන් හිනාවෙන්න ඉඩ හදපු අපේ විරෝධාර රණවිරුවන්ව මේ නිකන් සිකනල්ලු අතින් ගුටි කනවා. අපේ විසි තිස් දාහක් පොලවට පස් උනේ සුව නින්දක් දෙන්න. බය නැතුව පාරේ ඇවිදින්න. එතකොට මේ ඇමති බුරුව මොකද කරන්නේ? අපි පොලිසියෙන් අහන්නේ පොලිසිය බම්බු ගැහුවද?

මොකද්ද කලේ? පිස්තෝලෙයි වැටිච්ච ආයුධයි පොල්සියට ගෙනල්ල බාර දුන්නම පොලිසියට නීතියක් නෑ මේකා අත්අඩංගුවට ගන්න. මේකේ මර්වින් සිල්වාගේ වෙනම රාජ්‍යක් තියෙනවා එහෙනම්. එතකොට මේකද නිතිය කියන්නේ? හෙට අනිද්දට කොල්ලුපිටියේ කාන්තාවක් යනකොට මාලක සිල්වලට පුළුවන් ඇදල ගන්න..මොකද උන්ගේ ආණ්ඩුවනේ මේ."


මේ අතර පසුගියදා මර්වින් හා මාලක සමඟ ධාතු වන්දනාවට සහභාගීවූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් මාලක සිල්වා ගැන අදහස් මෙතනින් බලන්න.

 
Related Posts with Thumbnails