ටෙලි නිළියක් වන සඳනිට ඇගේ අලුත්ම චිත‍්‍රපටය වන ‘කලර්’ හි ප‍්‍රවර්ධන කටයුතු සදහා එක්වීමට ඇගේ සැමියාට අවස්ථාව නොදීම නිසා එම චිත‍්‍රපටයේ ප‍්‍රවර්ධන වැඩ ඇන හිට ඇතැයි පැවසේ.
මේ තත්ත්වය හේතුවෙන් කලර් චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂ ඉසුරු වීරසිංහමුදලි අසරණ වී ඇතැයිද වාර්තා වේ.මෙය ඉසුරුගේ කුළුඳුල් සිනමා නිර්මාණයයි. ‘මලී’ ටෙලියේ මදුරංගිගේ චරිතය හරහා ජනපි‍්‍රයත්වයට පත් සඳනි විවාහ වී සිටින්නේ ‘ඩිල් ෆිල්ම්ස්’ හි හිමිකරු ප්‍රවීන් ජයරත්න සමගය.
තට්ටු නිවාසවාසී වියපත් සිත්තරකු සුරූපී යෞවනියකගේ ප්‍රේමය අබියස මුහුණපාන සිද්ධිදාමයක් කලර් චිත්‍රපටයට ඇතුළත් ව චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන සිත්තරාගේ චරිතයට ප‍්‍රවීන නළු කමල් අද්දරආරච්චි පණ පොවයි.සඳලි සුලක්ඛනා මෙහි ප්‍රධාන නිළි චරිතය රඟන්නීය.
ජනපි‍්‍රය යොවුන් නිළියක වන උදයන්ති කුලතුංගටත් මෙහි ප්‍රබල චරිතයක් රගදක්වන අතර ජයනි සේනානායක, ජානකී විජේරත්න, ශ්‍රීමාල් වෙඩිසිංහ, පි‍්‍රයන්ත මන්සිළු හා ළමා නිළි ආකාශා පෙරේරා ද මෙ සඳහා රංගනයෙන් දායකවී සිටිති.
ජනපි‍්‍රය නිළි ඇන්ජලා සෙනෙවිරත්න කලෙකට පසු රිදී තිරයට රංගනයෙන් දායක වන්නේ ද මේ චිත්‍රපටයෙනි.
තිර රචනය සහ ගී පද රචනය ද අධ්‍යක්‍ෂවරයා වන ඉසුරු වීරසිංහමුදලි විසින් සිදු කර ඇති අතර නිෂ්පාදනයෙන් හිරන්ති සමරසිංහ ද සහාය අධ්‍යක්‍ෂයෙන් චලිත් මනුරංග අබේසිරිවර්ධන ද කැමරාකරණයෙන් ප්‍රියන්ත මලවි ද සංස්කරණයෙන් තිස්ස සුරේන්ද්‍ර ද මේ සඳහා දායකවී සිටිති.
ගායකයකු මෙන්ම සංගීතඥයකු ද වන සංඛ දිනෙත් මෙහි සංගීත අධ්‍යක්‍ෂවරයාය.මෙහි එන ගීත ගායනයට ජනපි‍්‍රය ගායිකා සමිතා එරන්දතී මුදුන්කොටුව එක්ව සිටින්නීය.