Ads 468x60px

.

ජනපතිට විරුද්ධව ගිනිතබා ගත් ඉන්දියානුවා මරුට..

මරණයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වගකිව යුතු බව ඔහු ලියලා...

ජනාධිපතිගේ ඉන්දීය සංචාරයට විරෝධය පළ කරමින් සිරුරට ගිනි තබා ගත් පුද්ගලයෙක් ගැන පුවතක් අප ඔබ වෙත ගෙන ආවා. එම පුද්ගලයා රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ 18 රාතී‍්‍ර මියගිහින් තියෙනවා.

'ටයිම්ස් ඔෆ් ඉන්ඩියා' වෙබ් අඩවිය පවසන්නේ, තමිල්නාඩුවේ වැසියෙකු වන එම පුද්ගලයා ටී. විජයරාජ් නමැත්තෙකු බවයි.විසිහය වැනි වියේ පසු වූ ඔහු වෘත්තියෙන් ති‍්‍රරෝද රථ රියැදුරෙකු වේ.

සිරුර ගිනි තබා ගැනීමට පෙර ඔහු විසින් ලියන ලද

සටහනක දැක්වෙන්නේ ඔහුගේ මරණයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වගකිව යුතු බවයි.ඔහුගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් කිරීමට ඥාතීන් සහ එම්.ඞී.එම්.කේ. සහ වී.සී.කේ. යන පක්ෂ විරෝධය පළ කර ඇත.

ඔහු ප‍්‍රතිකාර ලබමින් සිටි සලීම් රජයේ රෝහල ඉදිරිපිට බිම වාඩි වී කිහිපදෙනෙකු උද්ඝෝෂණයක නිරත වූ බව  ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වෙබ් අඩවිය පවසයි.තමිල්නාඩු හිටපු ප‍්‍රධාන අමාත්‍ය සහ ඞී.එම්.කේ. නායක එම්. කරුණානිධි මහතා ද දිගින් දිගටම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයට විරෝධය පළ කළේය.

එරට මධ්‍යම ආණ්ඩුව අමතමින් කරුණානිධි මහතා ඊයේද ප‍්‍රකාශ කළේ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීමට එරට දෙමළ වැසියන් කිසිවෙකු සූදානම් නොමැති බවයි.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ජිනීවා හිදි සම්මත කෙරුණු යෝජනාවලට අනුව ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් උල්ලංගණය වීම් නිරීක්ෂණය කිරීමට පත් කෙරුණු රටවල්වලින් ඉන්දියාවද එකක් බව කරුණානිධි මහතා සිහිපත් කර ඇත.

එසේ තිබියදීත්, ශී‍්‍ර ලංකාවේ දෙමළ වැසියන්ට සිදුවන ගැහැට සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුව තවදුරටත් නිහඬව සිටීම කනගාටුවට කරුණක් බව ඔහු අවධාරණය කර තිබේ.කෙසේ වෙතත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය නියමිත පරිදි අද ආරම්භ වන බව ජනාධිපති මාධ්‍ය එකකය පවසයි.

සාංචි හි ඉදිකෙරෙන බෞද්ධ මධ්‍යස්ථානයකට මුල්ගල තැබීම එම සංචාරයේ ප‍්‍රධාන අරමුණවේ. සංචාරය අතරවාරයේ ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා සහ තවත් රාජ්‍ය තාන්ති‍්‍රකයන් කිහිපදෙනෙකුද මුණ ගැසීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇතැයි' බිස්නස් ස්ටෑන්ඩට්' වෙබ් අඩවිය සදහන් කර තිබේ.





ජනාධිපති මහින්දට එරෙහිව ඉන්දීය දෙමළ ජාතික තරුණයෙක් සිරුරට ගිනිතබා ගනී...

 
Related Posts with Thumbnails