Ads 468x60px

.

මාලකට පාතාලය කියලා මර්වින් පාර්ලිමේන්තුවේදී කෝපයට පත් වී කෑගසයි...

නම කියනවා...කවුද පාතාලයා....නම කියනවා...
නම කියන්න බැරි කොන්ද පණ නැති නපුංසකයා...

ඊයේ පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂ මංත්‍රීවරයෙකුගේ ප්‍රකාශයක් නිසා මර්වින් සිල්වාට අසූ හාරදාහට තදවී තිබුණා.

එම මංත්‍රීවරයා විසින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් විමසීමක් කළේ "දිවුරුම් පෙත්සමක් මඟින් අපරාධය අහෝසි කරගැනීමට පුළුවන්දැයි" යන්නයි.

අසන ප්‍රශ්නයට අවඥාවෙන් සිනාසී ගොබ්බ පිළිතුරක්

දී විකටයෙකු මෙන් හැමදාම ලිස්සා යන කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා මෙම ප්‍රශ්නයද සුපුරුදු පරිදි අවඥාවෙන් සිනාසී මඟ හැර ගියා.

අනතුරුව මංත්‍රීවරයා කතාව කරගන ගියේ මෙලෙසින්.

"සිල්වා කියලා පුද්ගලයෙකුගේ පුතා. එයත් සිල්වා. හමුදාවේ රණවිරුවෙකුට, මේජර් වරයෙකුට පහරදීලා තුවාල කරලා තියනවා. මේ රටේ ත්‍රස්තවාදීන්ගෙන් මුදාගත්ත මේ භූමිය පාතාලයන්ට පාවලා දෙන එක ඒ ශේෂ්ඨ රණවිරුවන්ට කරපු අසාධාරණයක්"

එයින් මහත් කෝපයට පත් අමාත්‍ය මර්වින් සිල්වා කෑගැසුවේ.

"නම කියනවා...කවුද පාතාලයා....නම කියනවා...නම කියන්න බැරි කොන්ද පණ නැති නපුංසකයා..." යනුවෙනි.
 
Related Posts with Thumbnails