Ads 468x60px

.

මාලකගෙන් ගුටි නොකෑ බව කී, මේජර් ටිකට් කපාගෙන ගෙදර යයි !

කට උත්තරයක් ලබා ගැනීමට පනාගොඩ යුධ හමුදා කදවුරට...

කොළඹ  ජැයික් හිල්ටන් හෝටලයේ දී ප්‍රහාරයකට ලක්ව යුධ හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි යුධ හමුදා බුද්ධි අංශයේ මේජර් චන්දන ප්‍රදීප් සුරසේන මහතාල තමාට සුව බව දන්වා රෝහලින් බැහැරව යාමට අනුමැතිය ඉල්ලා ඇති බව වාර්තා වෙනවා.

අප වෙත වාර්තාවන පරිදි ඒ සදහා අනුමැතිය ලැබී ඇති අතර, ඔහුගෙන් කට උත්තරයක් ලබා ගැනීමට පනාගොඩ යුධ හමුදා කදවුරට රැගෙන යාමට නියමිතයි.

අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක
ද සිල්වා සහ තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනි භාරති විජේරත්න මහත්මියගේ පුත් රෙහාන් විජේරත්න විසින් තමාට පහරදීමක් සිදු කල බවට මෙම මේජර්වරයා මිට ඉහතදී පැමිණිල්ලක් ගොනුකර තිබුනද, ඔහු ඊයේ 18 කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී සිටියේ, ඔවුන් දෙදෙනා තමාට කිසිදු පහරදීමක් නොකල බවයි.

නඩුව සමථයකට පත් කර ගැනීමට කැමැති බවද පැමිණිලිකරුවන මේජර් චන්දන ප්‍රදීප් සුරසේන මහතා දිවුරුම් පෙත්සමක් මගින් ඊයේ අධිකරණයට දන්වා සිටියේය.

මේජර්වරයාට  පහර දුන්නැයි සැකපිට මාලක සහ රෙහාන් ඇතුළු හත් දෙනෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කලද,  මාලක සහ රෙහාන් මේවනවිට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.
 
Related Posts with Thumbnails