Ads 468x60px

.

කේට් ගේ උඩුකය නිරුවත් රූ පළ කිරීම සපුරා තහනම් කරයි.

ඡායාරූප එක්රැස් කර තිබෙන සීඞී තැටි ඇතුළු සියළු උපාංග වහා භාරදෙනු...

එසේ කිරීමට පමා වන සෑම දිනයක් පාසාම යුරෝ 10,000ක දඩයක්...

බි‍්‍රතාන්‍යයේ කේම්බි‍්‍රජ් හි ආදිපාදවරිය වන කේට් ගේ උඩුකය නිරුවත් ඡායාරූප යළි පළ කිරීම හෝ අලෙවි කිරීම වලක්වමින් ප‍්‍රංශ අධිකරණයක් විසින් එරට ක්ලෝසර් සඟරාවට තහනම් නියෝගයක් පනවා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරනවා.

මොන්ඩටෝරි නම් ඉතාලි සමාගමකට අයත් ක්ලෝසර් සඟරාව විසින් පසුගියදා මෙම ඡායාරූප පළ කිරීමෙන් පසුව ඊට එරෙහිව නඩුමගට බැසීමට කේට් හා ඇගේ සැමියා වන විලියම් කුමරු තීරණය කර තිබුනා.

මෙම නඩුවට අදාල තීන්දුව ඊයේ 18 ප‍්‍රකාශයට පත්වූ අතර, මෙම ඡායාරූප මගින් රාජකීය යුවළගේ පෞද්ගලිකත්වය ඉතා අශෝභන ලෙස උල්ලංඝනය කර ඇතැයි අධිකරණය විසින් සඳහන් කරනවා.



මෙම ඡායාරූප එක්රැස් කර තිබෙන සීඞී තැටි ඇතුළු සියළු උපාංග වහා භාරදෙන ලෙසත්, එසේ කිරීමට පමා වන සෑම දිනයක් පාසාම යුරෝ 10,000ක දඩයක් ගෙවීමට සිදුවන බවත් විනිසුරුවරයා විසින් නියෝග කර ඇති බව විදෙස් වාර්තා වල දැක්වෙනවා.

මීට අමතරව, මෙම යුවලට සිදුකළ හානි වෙනුවෙන් යුරෝ 2,000ක දඩයක් ද ගෙවන ලෙස විනිසුරුවරයා විසින් වැඩිදුරටත් නියෝග කර ඇත.විලියම් හා කේට් විසින් ප‍්‍රංශයේ දී ගත කළ පෞද්ගලික නිවාඩුවක් අතරතුරේදී මෙම ඡායාරූප ගෙන ඇති බව පසුගියදා අනාවරණය වුනා.
 






කේට් කුමරිය ප‍්‍රංශයෙන් නිරුවත් කල හැටි මෙන්න.

 
Related Posts with Thumbnails